(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නට සුදානම් වුවහොත් ඊට මැදිහත් වී ඩීල් දැම්මේ කවුදැයි රටට හෙළි කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්දසාගර හිමියෝ පැවැසූහ.
කෘෂි ඇමති හා වතු ඇමති දෙදෙනාට වහා ගොවි කලාපවලට ගොස් ජනතාවගේ දුක් ගැනවිලි අසන්නැයි තමන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.
එමෙන්ම ග්ලයිෆොසේට් තහනම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර පර්යේෂකයින් පවසන්නේ මොනවාදැයි විමසා බලන ලෙසත් ආනන්ද සාගර හිමියෝ ඉල්ලා සිටියහ.
පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් අදහස් දැක්වූ ආනන්ද සාගර හිමියෝ එහි දී මෙසේ ද කීහ.
‘‘පාරිසරික වශයෙන් මේ සියවසේ සිදුවන දැවැන්තම විනාශය වන්නේ මේ ග්ලයිෆොසේට්වලින් සිදුවන විනාශයයි. එහෙම පිටින්ම මධ්‍ය කඳුකරය කඩා හැලෙනවා. අසීමාන්තික විදියට මේ රසායනික පාවිච්චි කිරීමෙන් මෙන්ම ගහකොළ විනාශ කිරීමෙන් කඳු කඩා හැලෙන හැටි අපි පසුගිය කාලයේ දැක්කා.
ගංගාවල ජල සාම්පල් බැලූවම ආසනික් කැඩ්මියම් තියෙන බව පෙනෙන්න තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ගැන අනතුරු හඟවලා තිබෙනවා. වලවේ කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය මම දන්නවා. ගොවීන් කියන්නේ අපි වල් නාශක පාවිච්චි නොකර වවා ගන්නවා කියලයි. එයින් සිදුවන භයානක තත්ත්වය ඔවුන් දන්නවා. අතුරලියේ රතන හිමි මේ ගැන ගෙන ගිය සටනට අපි ගෞරව කරනවා. ඒ සටන නිසයි මේ ගහනම ආවේ. අපි සතුටු වුණා. මේ තීන්දුව ආපස්සට හරවලා මිනිස්සු මහ මඟ ඇදවැටෙන තත්ත්වයට යලි පත්කරන්න රසායනික සමාගම්කාරයින්ගේ සල්ලි බලවත් වෙලා තියෙනවා.
මේ හැම එකකටම මේසයක් උඩ දාගෙන මිලක් නියම කරනවා. මේ තැනට රට තල්ලූ කරන්න අපි ඉඩ දියයුතු නැහැ. අද න්‍යාය පුස්තකයට ඇතුලත් කරල තිතයෙනවා මේ තහනම ඉවත් කරන්න උවමනා කරන කැබිනට් සංදේශය. මේ කැබිනට් පත‍්‍රිකාව සම්මත වුණොත් පරිසර සංවිධාන එක්වෙලා මේ රටට ආදරය කරන විද්වතුන් ඇතළු පිරිස් එක්කරගෙන මහමඟට බහින්න සුදානම්.
ඒ වගේම සමාගමක් දෙකක් බලවත් වුණාම ඒවාට මාධ්‍ය හයියකුත් ලැබුණු පළියට මේ රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කියල හිතනවා නම් වැරදියි. අපි හෙළි කරන්න සුදානම් මේ සමාගම් එක්ක ඞීල් දැම්මේ කවුද කියලා. මේ රජයට අපි කියන්නේ මේ නිර්ලජ්ජිත කි‍්‍රායාමාර්ගය ආපසු හරවන්න කියලයි.’’ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් නයනක රන්වැල්ල මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
‘ග්ලයිෆොසේට් තහනම් කළ රජයම මේ තහනම ඉවත් කිරීමට උත්සාහ කිරීම ලැජ්ජා සහගතයි. වකුගඩු රෝග ආසාදිතයින් 70000 කට වඩා ඉන්නවා. පහුගිය අවුරුදු 15 ඇතුළත 20000 කට අධික පිරිසක් මිය ගිහින් තියෙනවා. මේ ආණ්ඩුව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් හොඳ වැඩ කළේ. එයිනුත් හොඳම කටයුත්ත ලෙස මේ ග්ලයිෆොසේට් තහනම හඳුන්වා දිය හැකියි. මේ වැඬේට අතුරලියේ රතන හිමියන් කැප වී වැඩ කලා.
නමුත් කෘෂි රසායනික ගෙන්වන සමාගම් හා එක්ව මේ ආදරණීය මාතෘභූමියේ යලිත් විනාශ කිරීමටත් ජන ජීවිතය අඩාල කරන්නත් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ තහනම ඉවත් කර ගන්න හදන බව පෙනෙනවා. අපි කිවන්න ඕන සංඛ්‍යා ලේඛන තියෙද්දී, විද්‍යාත්මක සොයා ගැනීම් සියල්ල තියෙද්දී, ලෝකයේ ග්ලයිෆොසේට් තහනම ගැන කතිකාවක් තියෙද්දි තමයි අපේ රටේ මේ තහනම ඉවත් කරන්න හදන්නේ. ‘‘