ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධුපර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.
ජනාධිපති හා අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, සමාජ සේවා අමාත්‍ය පී හැරිසන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු එම අවස්ථාවට එක්වූහ.

