නිහාල්ගේ පුත් පුත්‍ර ප්‍රභාගයෙන් ගී ලොවට


මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට එක්වීමේ හමුවක් ‘පුත්‍ර ප්‍රභාගය’ නමින් පසුගියදා සංගීතවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී  නිහාල් නෙල්සන් ගායනා කළ ‘ලස්සනට පිපුණු වන මල්’ හා ‘කරුණා සුවඳ තවරාලු’ (අම්මා) යන ගීත ද්විත්වය තරංග නෙල්සන්ගේ හඬින් ගායනා කොට රූප රචනා ද සමග එළිදැක්වීම සිදුවුණි.

‘පුත්‍ර ප්‍රභාගය’ නමැති තරංග නෙල්සන් ගායන ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ හමුව විමල් කැටිපෙආරච්චි මෙහෙයවනු ලැබූ අතර ඔහුගේ පැමිණීම පිළිබඳව විවිධ අංශ නියෝජනය කරන කලාකරුවන් මාධ්‍යවේදීන් මෙහි දී අදහස් දැක්වූහ.