කුරුල්ලන්ට සිදුවන අහිතකර බලපෑම් සහ නිත්‍යානුකූල වන සත්ව දඩයම
කෘෂිකර්ම ව්‍යාප්තිය සමග ලොව රසායනික කෘමි නාශක භාවිතයද ව්‍යාප්තවීම හේතුවෙන් කුරුල්ලන්ගේ බිත්තරවල කටුව තුනීවී ඇති බව සොයා ගෙන තිබේ. වන විනාශය, වෙඩි තැබීම. ඇල්ලීම තෙත් බිම් ගොඩ කිරීම ඔවුන්ගේ පැවැත්මට බාධාවක් වී තිබේ. කුරුල්ලන් වෙඩි තැබීමට නීතිමය අවසරයක් 1964 වර්ෂයට පෙර කාලයේ තිබුණි. වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥා පනතේ වගන්ති ප‍්‍රකාරව වසරේ ඔක්තෝබර් 01 දින සිට ඊළඟ අවුරුද්දේ අප‍්‍රියල් 30 දක්වා කාලය විවෘත සමය (Open Season) හැටියට සඳහන්කොට බලපත‍්‍ර නොමැතිව පක්ෂීන් වෙඩිතබා මැරිය හැකි බව දක්වා තිබුණි. මධ්‍යම කඳුකරයේ තේවතු පාලනය කළ විදේශීකයන් සහ ධනවත් ශ්‍රී ලාංකිකයන් පහත රට හම්බන්තොට, බුන්දල සහ උතුරු කරයේ කලපු ආදිය ප‍්‍රදේශ වල මෙම කුරුළු දඩයම විනෝදාංශයක් හැටියට කළේය. 1964 වසරට පෙර සමය තුළත් යාල සහ විල්පත්තු වනෝද්‍යානය තුළත් සේවය කළ වනජීවි නිලධාරීන්ගේ ආහාරය සඳහා වසරකට තිත් මුවන් 06 හයක් සහ වලිකුකුළන් (12) දෙළහක් වඩි තබා මරා ගැනීමට වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා (එකළ නිළ නාමය වනසත්ව භාරකරු) බලපත‍්‍රයක් නිකුත් කරන ලදී. එම අවසරය ලබාදෙන ලද්දේ ජාතික උද්‍යාන සීමාවෙන් පිටත එමෙන්ම පෙරකී විවෘත සමය තුළ වෙඩි තැබීම සඳහා පමණක්ය. එම වන සතුන් ආරක්ෂිත ගණයට අයත්ය. කෙසේ වෙතත් 2009 වසරේ සංශෝධනය කරන ලද ”වන සත්ව” හා වෘක්‍ෂලතා ආරක්ෂක පණත ප‍්‍රකාරව නීති විරෝධී ලෙස කුරුල්ලන් මරණු ලබන හෝ අල්ලාගනු ලබන අයකුට අධිකරණය මගින් රුපියල් 10,000/- සිට 20,000/- දඩයක් හෝ සහ වසර 2 සිට 5 දක්වා වූ සිර දඬුවමක් නියම කළහැකි වන්නේය. මීට ශත වර්ෂ ගණනාවකට පෙර මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජුට මිහින්තලාවේදී ”මහරජ ගුවනේ සැරිසරණ පක්ෂීන්ට වනයේ සැරිසරන සියලූ සතුනට මෙම මහපොළොවේ ජීවත්වීමට අයිතියක් ඇත. ඔබමේ රටේ අයිතිකරු නොව භාරකරු පමණකි” යනුවෙන් දේශනා කළබව අප අසා ඇත. එම දේශනාව මහරජුට පමණක් නොව වත්මන් මිනිස් සමාජයටම කරන ලද්දක් හැටියට මම දකිමි. මෙම වනසතුන් හා පක්ෂීන් හා බැඳී පවතින ආර්ථික විනෝදාත්මක, ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම් නොසලකා එම වස්තූන් විනාශවීමට ඉඩ හැරිය හොත් අපෙන් පසු බිහිවන පරපුර අපට ශාප කරනු ඇත.යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ - එඞ්මන්ඞ් විල්සන්



