කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
සූදු පිටියකි. ඒ මුදලටය. එහි මොනර කොළ එහාට මෙහාට පියාඹීය. ඔහු අන්තිම මොනරාත් සියතින් පියාඹනතෙක්ම ඔට්ටු ඇල්ලුවේය. තමන්ගේ අතේ තිබ්බ මොනරු දැන් අනුන්ගේ අතේය. තමාගේ මෙන්ම අනුන්ගේ මොනරු ටික තමන් ළඟට ගන්නකම් ඉස්පාසුවක් නොතිබුණේය.
දැන් ඔහුට ඒවෙනුවෙන් කළ හැකිව තිබූණේ එකම එක දෙයකි. එදා කොළඹදී පදික වේදිකාවෙන් මිලදීගත් ඔරලෝසුව උකස් කිරීමය. ඔහු ඒ සඳහා සූදුව වැඩකර තිබූ කෙනාට ළංවූවේය.
මට මේ ඔරලෝසුව තියාගෙන රුපියල් තුන් දහසක් දෙන්න මම සතියෙන් බේරා ගන්නවා යයි කීවේය. දෙපාර්ශවයේම එකඟතාවය මත සතියෙන් බේරා ගන්න පොරොන්දුව මත ඔහුට සූදුව වැඩකර සිටි අයගෙන් ලැබුණේය. සූදුව නිමා විය. සියල්ලෝම සතුටින් විසිර ගියහ.
සූදු අන්තවකුවුවත් ඔහු තමා එදා මගී වේදිකාවෙන් මිලදී ගෙන රුපියල් තුන්දහසකට උකස් කළ ඔරලෝසුව තුන්දහසක් දී බේරා ගන්න සිතුවේය.
ඒ මිතුරුකම තුන් දහසට වඩා වටිනා නිසාය. ඒ නිසාම ඔහු රුපියල් තුන්දහසක් සොයාගෙන මිතුරා හොයාගෙන ගියේය. තමා ආ කාරණය ඔහු මිතුරාට කීවේය. අනේ මචං දැන් ඔරලෝසුව උකස් කරලා සතියයි දවස් දෙකක් වෙනවනේ දැන් ඒක සින්නයි, සින්නයි කීවේය. මොනම විදිහකින්වත් ඔහු තමාට ඔරලෝසුව දෙන පාටක් නම් නැත.
ඔහුට කරන්න දෙයක් නොවූ තැන අනේ අනේ මෙහෙමත් මෝඩයෝ ඉන්නවනේ රුපියල් තුන්සියයකට පේමන්ට් එකෙන් ගත්ත අත් ඔර්ලෝසුව රුපියල් තුන්දහසට සින්න කරගන්න තරම් යයි කියමින් අනෙක් මිතුරන්ට මේ සිද්ධිය කීවේ කට්ටියටම බඩ අල්ලන් සිනහ වෙන්න ඉඩහසර ඇති කරමින්ලු.