ගමේ නම මාරු වී අලකලංචි වූ මංගල ගමනක් ගැන කථා පුවතක් දකුණු පළාතේ මාතර, අර්ධ නාගරික ගම්මානයකින් අසන්නට ලැබේ. කථාව මෙසේය.
හෙතෙම විවාහක දෙදරු පියෙකි. පාසල් ගුරුවරයකු වූ ඔහුගේ බිරිඳ ද පාසල් ගුරුවරියක වූවාය. දෙදෙනාට ලංකාවේ විවිධ පළාත්වල මිතුරන් සිටියේ ඔවුන් ලංකාවේ විවිධ පළාත්වල ගුරු පුහුණු අභ්‍යාස ආයතන සඳහා ඇතුළත්ව පුහුණු ලබා ඇති බැවිනි.
දැරණියගල සිටින තම මිතුරෙකුගේ විවාහ මංගල්‍යයක් ගැන ආරාධනා පත්‍රයක් ඔවුනට ලැබුණේ ඉදිරි මාසයේ පළමු සතියේ බ්‍රහස්පතින්දා දවසක එක්තරා හෝටලයක උත්සවය පැවැත්වෙන බව දන්වමිනි. මිතුරා සබරගමු පළාතේ ගමක ජීවත් වූ අයෙකි.
මංගල උත්සව දිනයේ හිමිදිරි පාන්දරම දරු දෙදෙනා සමඟ ඇඳ පැලඳ, ජේත්තුවට ලක ලෑස්ති වූ ඔවුහු, මිතුරාගේ මංගල උත්සවයට සහභාගීවීමට තමන්ගේ කුඩාකාරයෙන් ගමනට පිටත් වූහ. සැතපුම් සිය ගණනක් ගෙවා මිතුරාගේ ගම වූ දැරණියගල නගරයට පැමිණි ඔවුන් ආරාධනා පත්‍රයේ සඳහන් හෝටලය ගැන විපරම් කර නගරය පුරාම ගමන් කළ ද ඔවුනට එවැනි හෝටලයක් සොයා ගැනීමට නොහැකි විය.
මේ අතරේ බිරිඳ මංගල ආරාධනා පත්‍රය තම බෑගයෙන් ගෙන විමසිල්ලෙන් කියවූවාය. “මහත්තයා මේ ආරාධනා පත්‍රයේ තියෙන්නෙ දෑරංගල හෝටලයක නමක් නේ. මිතුරා දැරණියගල වුණාට, මනමාල මහත්මිය දෑරංගල (මාතර පිටබැද්දර නගරයට ආසන්න ගමකි) ප්‍රදේශයේ පදිංචිකාරියක් නේ. අපි ඒ ගැන හිතුවෙ නැහැනේ.
මිතුරාගේ ගම ගැන කල්පනාවෙන් නොව මංගල්ලෙට ආවේ. ඇරත් දෑරංගලත්, දැරණියගලත් සමාන බවක්, කියවන විට දැනෙනව නේ. දෙයියෝ සාක්කි. වෙච්චි අලකලංචියක්.,,
“අනේ සොරි. මමත් මංගල ආරාධනාව හරියට කිව්වේ නැති එකේ දඬුවම තමයි මේ ලැබුණේ. යාළුවගෙ ගම ගැන සිහියෙන් නොව මඟුලට ආවේ. මොනව කරන්නද ? දැන් ඉතින් හොඳ හෝටලයකින් කාල ආපසු ගෙදර යමු. කියාගෙන ඔවුන් ආපසු නිවස බලා පිටත් වූයේ සිදු වූ වැරැද්ද ගැන කල්පනා කරමිනි.
මාවරල පී.එස්. මද්දුමගේ