(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන සිද්ධියකට අදාළ චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු යොදා ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ සුදර්ශන සිල්වා මහතා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (16) කරුණු ඉදිරිපත් කළේය.
මෙම සැකකරුවන් මෙරට රැඳී සිටිමින් බලපත‍්‍ර නොමැතිව මැණීක් ව්‍යාපාරයේ යෙදීම අධිචෝදනා ගොනු කිරීමට තරම් බරපතල වරදක් බැවින් එලෙස පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය අද (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා එලෙස කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ සූ ඩියෑන් සන්ග් සහ වෙයි බින් ලියු නැමැති චීන ජාතිකයින් දෙදෙනා අද (16) ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.