
(සුජිත් හේවාජුලිගේ)
සමාගම් එකොළහක් ආනයනය කළ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය රජය සමයේදී (2020) වංචනික ලෙස මුදල් ගෙවීමෙන් රජයට රුපියල් කෝටි එකසිය හතකට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
සමාගම් 11 ක් (ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලැබූ ලිපි ගොනු 26 කට අදාළව) අවස්ථා 34 කදී ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 15,415 ක්ද එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 4611ක්ද යූරියා මෙට්‍රික් ටොන් 1036ක්ද එස්.ඒ මෙට්‍රික් ටොන් 783ක්ද එන්.පී.කේ පොහොර මෙට්‍රික් ටොන් 150ක්ද එස්. ඊ.එස් පොහොර මෙට්‍රික් ටොන් 270ක්ද ආනයනය කර ඇති බවත් නියැදී පරීක්ෂණ වාර්තා ලිපිගොනුවලින් ඉවත් කර ව්‍යාජ රසායනාගාර වාර්තා සකස් කර එම භාවිතයට නුසුදුසු පොහොර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
ව්‍යාජ රසායනාගාර වාර්තා ඇතුළත් කරමින් අසමත් පොහොර තොග සඳහා වෙළඳ අනුමැතීන් දුන් අවස්ථා නියැදි විගණනයේදි හෙළිවූ බවද එම විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර එක්තරා පොහොර සමාගමක් අවස්ථා 12කදී ආනයනය කරන ලද ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 6,500 කට අදාළ රසායනාගාර පරීක්ෂණයන්හි සැලකිය යුතු වෙනස්කම් පැවතුණු බවත් ඒවායේ ඊයම් ප්‍රතිශතද අනුමත පරාමිතීන්ට අනුකූල නොවුණත් ඒ සම්බන්ධයෙන් වෙළෙද අනුමැතිය ලබාදී තිබු බවත් විගණන විමර්ශනවලදී වැඩිදුරටත් තොරතුරු හෙළිවී ඇත.
පොහොර සමාගම් 2019 අවසාන කාර්තුවේදී සහ 2020 මුල් කාර්තු දෙකේදී (අවස්ථා 253 කදී) පොහොර ආනයනය කර ඇති බවත් ඉන් අවස්ථා 213 කදී ආනයනික මිල ගණන් කමිටුව තීරණය කළ මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබූ බවත් කියති.
ඒ අනුව අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය කමිටුව තීරණය කළ මිල මත පොහොර සමාගම්වලට කෝටි 46 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
කර්තෘතුමනි, ඔබ සඳහන් කරන කාලපරතරයේදෟ රට පාලනයය කළේ දැනට රට පාලනය කරන අයම නේද? ඔබගේ වැරැද්ද නිවැරැදි කරන්න රටේ පාලන අධිකාරිය වෙනස් වුණේ 2019 නොවැම්බර් මසයි. 2019 නොවැම්බර් මසට කළින් දේශීය බැංකු මගින් ලාබ ගෙන තිබේ නම් යහපාලනයත් වගකිව යුතුමයි.
චීන අසූචි වලට කීයක් ගෙව්වාද? මේවාට කෝටි එකසිය හතයි. ඩොලර් නැහැ කියමින් මේවා ගෙව්වේ කබ්බා අච්චු ගහපු 5000 කොළ වලින්ද කියන්න. ඇත්තටම මෙහෙම නාස්ති වැළකීමට වියතුන්ට නොතේරීම 69යේ අපිව මෝඩයින් බව තහවුරු වීමක්...
යහපාලනේ කාලේ ඔය හොඳටම කරලා තියෙන්නේ... !
කවදා හෝ මෙහෙම කරන අයගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කළයුතුයි. එසේ නොකර මේ රට හදන්න බැරි වේවි...!!!
මෙදා කන්නෙ කාබනික පොහොර කියා දේශීය නිෂ්පාදන වශයෙන් පොහොර ලේකම් කාර්යාලය අනුමත කරල දීපු පොහොරත් ඒ වගේ තමයි කියලයි ගොවීන් කියන්නෙ. විශේෂයෙන් රාජාංගනය පැත්තෙ සමාගමකින් දීපු පොහොර ගැන සාලියවැව පැත්තෙ ගොවීන්ගෙන් ඇහුනම් කියයි.පොහොරවල තත්වය. මේව ජාතික අපරාධ ලෙස සලකා වරදකරුවන්ට දඩුවම් දියයුතුයි.
මහජන මුදල් කාබාසිනියා කරන දූෂිත දේශපාලුවන්. රට බන්කොළොත් වෙන එක ගැන කවර කතාද?
අපගේ මාතෘ භූමියට කරන මේ අසාධාරනකම් සහ අපරාධවලට,මේ අපරාධ කරන එවුන්ට ස්වභාවධර්මයාගේන්ම දඬුවම් ලැබේවි,ඒක ස්ථීරයි...