පවුලේ අවුල ලිහා බැලීම
දිගු කලක සිට රට මුහුණ දෙමින් සිටින සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදය විසඳෙන බවක් නොපෙනේ. බඩගින්න, රෝ බිය, අගහිගකම්, නැතිබැරිකම් සහ සකලවිධ පීඩාවලින් දුක් විඳින ජනයා සුළුතරයක් නොව බහුතරයකි. නිදුක් නිරෝගී සුවපත් ආත්ම ඇත්තේ ඉතා ටික දෙනකු ය. එහෙත් ඔවුන් තවම නිවන් දැක නැත.