​කොරෝනා දෙවැනි වටය උතුරෙන්?


​හොර පාරෙන් එන ඉන්දියානු වෙළෙඳුන් නිසා අවදානමක් 

(දයාසීලි ලියනගේ)  

නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට පැමිණෙන ඉන්දියානු වෙළෙඳුන් නිසා කොරෝනා වසංගතයේ දෙවැනි වටය බොහෝ ඉක්මනින් ඇතිවිය හැකි බවත් එය අතිශයින් භයංකර තත්ත්වයක් වීමට ඉඩ තිබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.  

පළමු වටයේදී රෝගීන් හා ඔවුන් ඇසුරු කළ අය හඳුනා ගෙන ඔවුන් නිරෝධායනයට යොමු කිරීම පහසු වුවත් නීත්‍යානුකූල ​නොවන ආකාරයට පැමිණෙන අය හා ඔවුන් ඇසුරු කළ අය හඳුනා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.  


ඉන්දියාව තවමත් වසංගත තත්ත්වය පාලනය කරගෙන නැති බව වාර්තා වෙන නිසාම එරටින් නීත්‍යනුකූල නොවන ආකාරයට පැමිණෙන පිරිස් නතර කර නොගත්තොත් අපේ රටට ඉතාමත් බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවෙන බවටද රජයට අනතුරු අඟවා ඇතැයි වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.