හෝටලයට තරු ගහන්න ඉන්ධන පිරවුම් හල බිල්ලට


(දයාසීලි ලියනගේ)  
 ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට සම්බන්ධකම් ඇති හෝටලයක් තරු පහේ හෝටලයක තත්ත්වයට උසස් කිරීම සඳහා බාධාවක්ව පවතින ඉන්ධන පිරවුම් හලක් වහාම ඉවත් කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. 

මෙම ඉන්ධන පිරවුම්හල පිහිටුවා ඇත්තේ සංස්ථාවට අයත් භූමියක වන අතර සංස්ථාවට අයත් කෘෂි රසායනික අංශයේ කාර්යාලයක්ද එහි පිහිටුවා ඇත. මෙම ඉන්ධන පිරවුම්හල පිහිටා තිබීම ආරක්ෂාවට තර්ජනයක් වීම නිසා හෝටලය තත්ත්වයෙන් උසස් කිරීමට බාධාවක් වී ඇතැයි කියති.  


පිරවුම් හල පිළිබඳව සොයා බලා එය වෙනත් ස්ථානයකට ගෙනයාම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට සංස්ථාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන් පිරිසක් ගිය සතියේ දී එහි ගොස් ඇත.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඛණිජ තෙල් හා පෙට්​ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ තමන් එවැනි සිද්ධියක් පිළිබඳව නොදන්නා බවයි.