හූල්ගේ දියණිය ඇවිත් ගිය පසු මැතිවරණ කොමිසමේ සේවකයෝ තිදෙනෙක් නිරෝධායනයේ


(දයාසීලි ලියනගේ)  

මැතිවරණ කොමිසමේ සේවකයන් තිදෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.  කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා හා ස්වයං නිරෝධායනයේ යෙදිය යුතු බවට නියම කර සිටි ඔහුගේ දියණිය මැතිවරණ කොමිසම පිහිටි කාර්යාලයට පැමිණීමේ හේතුව මත මොවුන් නිරෝධායනයට යොමු කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීය.  

කාර්යාල කාමර කීපයක් විෂබීජහරණය කර ඇති බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.  


මේ අතර මහාචාර්ය හූල් මහතා සිය දියණිය නිරෝධායනය ලබා ඇති බව සඳහන් සහතිකයක් මැතිවරණ කොමිසමට බාර දී තිබෙන බවද දැනගන්නට ඇත.