හිටපු ඇමැති තවමත් නිල නිවස භාරදී නෑ


(දයාසීලි ලියනගේ) 

ඇමැති තනතුර අහිමි වී සිටින ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් මෙතෙක් නිල නිවාසය බාර නොදීම නිසා ඔහුට නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. 


මොහු රජයෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ සිටි ප්‍රධාන ඇමැති තනතුරක් දැරූ අයෙකි. නිල නිවාසය බාර දෙන ලෙසට මෙම ඇමැතිවරයාට අවස්ථා ගණනාවක්ම දැනුම් දී ඇති බව සඳහන් වේ.

වයඹ පළාතට සම්බන්ධ මෙම මන්ත්‍රීවරයාට කොළඹට ආසන්නව දෙමහල් නිවසක් ඇති බව ද කියති. 


මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ නිල නිවාස වලින් ඉවත් නොවූ සියලු දෙනාටම නිවාස බාර දෙන ලෙසට දැනුම් දී ඇති බවයි. නීතිය සියලු දෙනාටම පොදු බව ප්‍රකාශ කළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි කීය.