සිසු අරගලවලදී පොලිසියෙන් පහර කෑ සිසුන් රැසකට දිගුකාලීන ආබාධ


(සමන්තිකා මාධවි)  

වත්මන් රජය බලයට පත්ව ගෙවී ගිය තෙවසරක කාලසීමාව තුළ ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් පොලිස් පහරකෑම්වලට ලක්ව හිසට ප්‍රහාර එල්ලවීම, දෘෂ්‍යාබාධ ඇතිවීම වැනි දීර්ඝකාලීනව බලපාන රෝගාබාධවලට ලක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් ඇතුළු සිසුන් පස් දෙනෙක් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.  

විරෝධතා අවස්ථාවලදී පොලිස් පහරදීම් පනහක්, නඩු පැවරීම් විසිපහක් පමණ ක්‍රියාත්මකව ඇති අතර විරෝධතා ව්‍යාපාරවල නිරතවීම හේතුවෙන් සරසවි අධ්‍යාපනය අත්හිටුවීම්, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම තහනම් කිරීම ඇතුළුව වසරකට නොඅඩු පන්ති තහනම් සඳහා යටත් වූවන් අසූවකට ආසන්න සංඛ්‍යාවක් වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.  


 පොලිස් පහරදීම් සිදුවූ සෑම අවස්ථාවකදීම සිසුන් බහුතරයකට රෝහල් ගතවීමට සිදුවීම ද විශ්වවිද්‍යාල විභාග කල් යෑම නිසා සිදුවන පාඩුව ගණනය කළ නොහැකි බව ශිෂ්‍ය බල මණ්ඩල ප්‍රකාශකයෙක් අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.