විශ්වාසභංග පරාජයට හේතු සොයන ඒකාබද්ධයේ රැස්වීම අනිද්දා


(දයාසීලි ලියනගේ)  
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීමට හේතු වූ කරුණු විශ්ලේෂණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (10) පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  

මෙම සාකච්ඡාවේදී ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.  


විශේෂයෙන් බැඳුම්කර සිද්ධිය යට ගැසීමට රජය ගෙනයන වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවද සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡා​වේදී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව වැදගත් තීන්දු තීරණ ගණනාවක් පිළිබඳව තීරණය කරනු ඇතැයි ද ඔහු කීය.