වහාබ් වාදයට එරෙහි ජන රැලිය 4දා නුගේගොඩදී


වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය කරනු ලබන ජන රැලිය ජූලි 4 වැනිදා ප.ව. 3.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.  
ශ්‍රී ලංකාව ඇමෙරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒ හා බැඳුණු වහාබ්වාදී අන්තවාදයටත් වහාබ්වාදී අන්තවාදය රකින ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මෙන්ම ඇමෙරිකානු න්‍යාය පත්‍රය හිසමත තබාගෙන, වහාබ්වාදී අන්තවාදී මැති ඇමැතීන් පෝෂණය කරන ආණ්ඩුවටත් එරෙහිව මෙම දැවැන්ත ජන රැලිය කැඳවන බව එහි කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.  

මෙම දැවැන්ත ජන රැලිය අමතා ඉහත ජනතා ව්‍යාපාරයේ නායකයන් වන කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලා ශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පිනී අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.