ලොකු ලූනු බද්ද අඩු කිරීමේ කතා


 

(මහින්ද නිශ්ශංක) 
ලොකු ලූනු ආනයනය කිරී​ෙම්දී අයකරන බද්ද අඩුකිරීම පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය කටයුතු කරගෙන යයි. 

දැනට ලොකු ලූනු ආනයනය කිරී​ෙම්දී කිලෝවක් සඳහා අයකරනු ලබන රුපියල් 40 ක බද්ධ අඩුකිරීම සම්බන්ධ යෝජනාවක් තමා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත ඉදිරිපත් කරන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ලොකු ලූනු මිල ඉහළ යාම වළක්වා උත්සව සමයේදී සාධාරණ මිලකට ලොකු ලූනු අලෙවි කිරීමේ අරමුණින් ලූනු ආනයනික බද්ද අඩුකරන බව අමාත්‍යාංශය පවසයි. මේ වන විට වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 


ඉන්දියාවේ ලොකු ලූනු මිල විශාල වශයෙන් වැඩිවී තිබීම සහ ලොකු ලූනු ආනයනයේදී රුපියල් 40 ක බද්දක් අයකිරීම මිල ඉහළ යාමට හේතු වී ඇතැයි ලොකු ලූනු ආනයනකරුවෝ පවසති.