රටින් ගෙනෙන සිසුන්ගෙන් ‘ශ්‍රී ලංකන්’ මුදල් ගනියි


 

(දයාසීලි ලියනගේ)  

ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒම සඳහා අවම මුදලක් අය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.  

කත්මණ්ඩු, බැංකොක්, බොම්බාය හා පංජාන් (හිමාචල් ප්‍රදේශ්) යන නගරවලින් ශ්‍රී ලාංකික 500කට අධික සිසුන් පිරිසක් ඉදිරි සතිය තුළ දී මෙරටට ඒමට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.  


දකුණු ආසියානු කලාපයට අයත් රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රථමයෙන් මෙරටට ගෙන එන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.  


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා ප්‍රකාශ කළේ ගුවන් ටිකට් පත් සඳහා අවම මුදලක් අය කිරීමට තීරණය කළ බවයි.