රජයේ මුදල් අවභාවිත කළ මහින්ද පිලෙන් වන්දි ගත යුතුයි


හිටපු ඇමැති චම්පික රණවක

(දයාසීලි ලියනගේ)  

රජයේ මුදල් හා රජයේ දේපළ අවභාවිතා කිරීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වූ ඇමැති මණ්ඩලයෙන් වන්දි ලබාගන්නා බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.  

පසුගිය මාස 1 1/2ක පමණ කාලය තුළදී ව්‍යවස්ථාවට පටහැනිව පත් කරන ලද කැබිනට් මණ්ඩලය මේ රටට විශාල මුදල් නාස්තියක් කර තිබෙන බව ඔහු සඳහන් කළේය.  
රජයේ වාහන, ඉන්ධන, නීති විරෝධි ලෙස කාර්ය මණ්ඩලවලට ගෙවීම්, මුදල් රෙගුලාසි කඩ කිරීම්, තීන්දු තීරණ ගැනීම් ආදියට මුළුමනින්ම වන්දි ගෙවිය යුතු වන බව හිටපු ඇමැතිවරයා කීය.  නීති විරෝධි ඇමැති මණ්ඩලයෙන් හා ඒ අය විසින් පත් කරන ලද රාජ්‍ය නිලධාරින්ගෙන් වන්දි ලබා ගැනීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් කීය.