පොහොට්ටු රජයක් පත් වූ වහාම පළාත් මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන දෙනවා


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  

පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුනට තීරුබදු රහිත වාහන ලබාදීමේ යෝජනාව රජය ප්‍රතික්ෂේප කරනු ලැබූවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ මාස දෙකක කාලයක් තුළ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුනට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සමග පැවති සාකච්ඡාවකදී පොරොන්දු වූ බව හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ මහතා කියයි.  
තමන් නිසා පළාත් සභා මන්ත්‍රීවරුනට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව මෙහිදී ප්‍රකාශ කර ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණු රජයක් බලයට පත් වූ වහාම වාහන බලපත්‍ර ලබාදෙන බවට පොරොන්දු වූ බවද වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.