පුංචි ඡන්දයෙන් පැරදුණු එජාප අපේක්ෂකයන් සිරිකොතට ගෙන්වා සාකච්ඡාවක්


(දේශපාලන ලියුම්කරු විසිනි)  

පළාත් පාලන ඡන්දයෙන් පැරදුණු එජාප අපේක්ෂකයන් දිස්ත්‍රික් මට්ටමින් සිරිකොත එජාප මූලස්ථානයට කැඳවා අනාගත දේශපාලනය පිළිබඳ කතා කිරීමට අධ්‍යාපන ඇමැති සහ එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.  

එජාපය ගම්මට්ටමින් පිළිගත් උගත් බුද්ධිමත් අපේක්ෂකයන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඉන්ෆ්ලුවන්සාව වැනි හදිසියේ ආ රැල්ලකින් ඔවුන් පරාජය වූ බව කියන අධ්‍යාපන ඇමැතිවරයා ඡන්ද ක්‍රමයේ පවත්නා දුර්වලතා නිසා ජනප්‍රිය බොහෝ දෙනකුට පරාජයවීමට සිදුවූ බවද සඳහන් කරයි.  


පරාජිත එජාප අපේක්ෂකයන් කැඳවා පක්ෂයේ අනාගත වැඩපිළිවෙල ගැන කතාකිරීම ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.