පිය-පුතු යුගල තුනක් මෙවර පාර්ලිමේන්තුවේ


මහින්ද-නාමල්   චමල්-ශෂින්ද්‍ර   ජනක-ප්‍රමිත   

(අජන්ත කුමාර අගලකඩ)   
මෙවර මහ මැතිවරණයට තරග කළ පිය-පුතු ජෝඩු තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.    

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ, ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ වැඩිමහල් පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ, ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ වැඩිමහල් පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේ පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින පිය-පුතු ජෝඩු තුනට අයත් වෙති.   


මේ පිය-පුතු ජෝඩු තුනම 1956 පෙරළියට මුල් වූ දේශපාලන පවුල් නියෝජනය කිරීමද විශේෂත්වයකි.   


ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන පිය-පුතු දෙදෙනාම එකම දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරීපත්වීමද කැපී පෙනෙන සිද්ධියකි.