පාර්ලිමේන්තුව හෙට විසුරුවයි


මහ ඡන්දෙට පක්ෂ පෙළගැසෙයි

නාම යෝජනා 11-17 අතර

(අජන්ත කුමාර අගලකඩ) 

මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මස 11ත් 17ත් අතර කාලය තුළ සිදුවනු ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හෙට (02) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීමට නියමිත අතර ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වැනිද‌ා පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. 


 මේ වනවිට පවතින පාර්ලිමේන්තුවට අද (01) දිනට වසර හතර හමාරක කාලයක් සම්පූර්ණවන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අදින් පසුව ඕනෑම මොහොතකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල හිමි වේ. 


 ඒ අනුව ජනාධිපතිවරයා විසින් හෙට (02) රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත.