පළාත් පාලන ආයතන ගණනකට උසස් වීම්?


(ජයන්ත සමරකෝන්)  
පළාත් පාලන බල ප්‍රදේශවල පවතින වත්මන් ජන සංයුතිය හා භූගෝලීය පිහිටීම අනුව ආයතන ගණනක්ම උසස් විය යුතු මට්ටමේ පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.  

මේ වනවිටත් ඒ පිළිබඳ නිර්ණායක ගණනක් පළාත් ප්‍රධාන ලේකම්වරුන් 9 දෙනා වෙත ලබාදී ඇතැයි අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.  


මෙම උසස්වීමවලට අනුව ප්‍රාදේශීය සභා නගර සභා බවටත් නගර සභා මහ නගර සභා බවටත් පත්වනු ඇතැයිද ඒ මහතා කියයි.  


එ් අනුව දැනට පවතින පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 සිට 350 දක්වා හෝ ඊට වඩා වැඩිවීමක් හෝ සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ.  මෙතෙක් පැවති ක්‍රමවේදයට අනුව දේශපාලන පක්ෂ හෝ එම නායකයන්ගේ වුවමනාව මත පළාත් පාලන ආයතන උසස් කිරීම අහෝසි කෙරෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.  


මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය සභා 271ක් නගර සභා 41ක් හා මහ නගර සභා 23ක් පවතී.