පක්ෂ 18ක් එක්ක ඒකාබද්ධය පුංචි ඡන්දෙට


(නාලක සංජීව දහනායක)  
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පොදු සංධානයක් ලෙස තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළතදී ඒකාබද්ධ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කරන බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.  

ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂ්‍ ය, මහජන එක්සත් පෙරමුණ, දෙමළ හා මුස්ලිම් දේශපාපලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ 18 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම් අත්සන් කිරීමට දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.  


ඒ අනුව පොදුජන පෙරමුණට හා සෙසු දේශපාලන පක්ෂ සඳහා මන්ත්‍රීධුර බෙදී යාම, පොදු සංධානයක් ලෙස පොදු ලාංඡනයක් යටතේ තරග කිරීම, මැතිවරණ සඳහා යොදාගන්නා තේමා පාඨ ආදී කරුණු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා ඉතාම සාර්ථකව අවසන් වෙමින් පවතින බවද ඔහු පැවැසීය.  මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළ වහාම පොදු සංධානයක් ලෙස තරග කිරීමේ වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කරන බවද එම ප්‍රකාශකයා පැවැසීය.