නව ව්‍යවස්ථාව මේ වසරේදි යථාර්ථයක් වේ යැයි අපේ විශ්වාසයයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාගැනීමට බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

ආණ්ඩුව මේ වසර තුළදීත් ඒ සඳහා නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව එම සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පැවැසීය.  


සුව නොවන තුවාලයක් බවට පත්ව ඇති දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් විසඳුමක් සොයා ගැනීමේ උත්සාහයක නිරත විය.  


පසුගිය වසරේදී මෙම උත්සාහය ආරම්භ වූ අතර සාකච්ඡාවට භාජනය කළ හැකි බොහෝ කරුණු ඊට අන්තර්ගතවී තිබේ.  


මේ වසරේදී එය ප්‍රමාද නොකර ඊට අවශ්‍ය කටයුතු සිදුකර තවත් යහපත් යෝජනා ඊට ඇතුළත් කර සියලුම ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂා කළ යුතුයි.  


දෙමළ ජනතාවගේ අභ්‍යන්තර ස්වයං පාලන අයිතිය පිළිගන්නා දීර්ඝකාලීන පැවැත්මක් ඇති පාලන ක්‍රමයක් සහිත ස්ථිරසාර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මේ වසර ආරම්භයේ සිට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කළේය.