තානාපති කාර්යාල නඩත්තුවට වසරකට කෝටි 900 ක්


(දයාසීලි ලියනගේ)
තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කෙරේ.


 මෙම නිලධාරින්ගේ වැටුප් හා අනෙකුත් සුබසාධන කටයුතු සඳහා මෙම මුදල වැයවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.


 මෙතරම් විශාල මුදලක් දරමින් නඩත්තු කරනු ලබන තානාපති නිලධාරින්ගෙන් රටට මීට වඩා සේවයක් ලබා ගැනීම සඳහා මින් ඉදිරියට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. 


ඒ අනුව තානාපති කාර්යාල නිලධාරින්ගේ වතගොත ජාල ගත කිරීමටද පියවර ගනු ලබයි. මීට අමතර එම නිලධාරින්, රටේ ආර්ථික කටයුතුවලට සහභාගි කරවා ගැනීමටද සැළසුම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.