තම ආයතනවල ආරක්ෂාව සලසා ගන්න චීන-ඉන්දියානු සමාගම් අවසර ඉල්ලයි


(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන චීන හා ඉන්දියානු ව්‍යාපෘතිවල ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඒ රටවල නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.  

ෂැංග්‍රිලා හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් පසු චීනය මෙම ඉල්ලීම කර ඇත. වරාය නගරය ඇතුළුව ව්‍යාපෘති ගණනාවක් චීනය සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන නිසා ඒවායේ ආරක්ෂාව තමන්ටම සලසා ගැනීමට චීනය අවස්ථාව ඉල්ලා ඇත.  


මේ අතර ඉන්දියානු තෙල් සමාගම ඇතුළු ඉන්දියාවට සම්බන්ධ ව්‍යාපෘති හා ආයතනවල ආරක්ෂාව පිළිබඳ වගකීම තම රටට භාර දෙන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව සඳහන්වේ.  


මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් මෙරට ආරක්ෂක අංශයේ දක්ෂතා දක්වන හෝ දක්වා ඇති පළපුරුදු ආරක්ෂක අංශයේ දෙදෙනෙක් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.