ජනපති අනුමැතියකින් තොරව මින්පසු ගැසට් බෑ


(දයාසීලි ලියනගේ)  

මින් ඉදිරියට තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ඇමැතිවරුනට උපදෙස් දී ඇත.  


ඇතැම් අමාත්‍යාංශවලින් ගැසට් පත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය පරමාර්ථ ඉටු නොවන තත්ත්වයක් පවතින නිසා ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබූ බව ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේය.  

ගැසට් මගින් යමක් ස්ථාවරව ක්‍රියාත්මක කිරීම සිදුවිය යුතු වුවත් පසුගිය කාලය තුළ ඇතැම් ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් එහි අඩංගු කරුණු ස්ථාවරව ක්‍රියාත්මක නොවූ නිසා මින් ඉදිරියට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පෙර ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය දැනුවත් විය යුතුව ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.