ගුවන්තොට විවෘත කිරීම තවත් කල් යයි


 

(දයාසීලි ලියනගේ) 

කොරෝනා අවද‌ානම මෙතෙක් ඉවත් වී නැති නිසා සාමාන්‍ය ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම තවත් සති කීපයකින් කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ. 

ඇතැම් රටවල පසුගිය කාලයේ විවෘත කරන ලද ගුවන් තොටුපොළවල් ගණනාවක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යළි වසා දැමීමට තීරණය කිරීමත් සමග මෙරට කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීම බලවත් අනාරක්ෂිත තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බව සඳහන් වේ. 


 හදිසියේ ගුවන් තොටුපළ විවෘත කිරීම අනතුරුද‌ායක බව ද ඔවුහු පෙන්වා දී ඇත.