එජාපයේ වෙනස කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු ?


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂයේ පැවැති අර්බුදකාරී තත්ත්වය පසුගිය සතිය තුළ සුළු නිහඬතාවකට පත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

එයට හේතු වී ඇත්තේ පක්ෂයේ බහුතරයකගේ යෝජනා පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ලබන 29 වැනිදා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්කිරීමට ගෙන ඇති තීරණය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවනු ඇති බවත් ඒ අනුව අලුත් තනතුරු කිහිපයක් සඳහා බලතල බෙදීම සිදු වනු ඇතැයි යන විශ්වාසය මෙම නිහඬතාවට හේතු වී ඇතැයි ද ඔහු කීය.  


කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැදගත් තීරණ රැසක් ගනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර, එසේ නොවුනොත් වැදගත් තීන්දු ගණනාවකට එළඹීමට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.