ඇමැති චම්පික රජයට දොස් කියයි


(අජන්ත කුමාර අගලකඩ)  
සංවර්ධන කටයුතු කිරීමේදී රජයට ප්‍රමුඛතා හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් නැති බවට මහනගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් රැස්වීමේදී රජයට චෝදනා කර ඇත.   

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා 2023 වනවිට රුපියල් බිලියන 1700ක් වැය කිරීමට සැලසුම් කර ඇති රජය කොළඹ ගංවතුර පාලනය කිරීමේ වැඩ පිළිවෙළට අවශ්‍ය රුපියල් බිලියන 8 ක මුදල ලබාදී නැතැයිද ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබේ.  


කොළඹ ගංවතුර පාලනයට තම අමාත්‍යංශය වැඩ පිළිවෙළක් සකස් කර තිබුණද මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදුන් නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ බව පවසා ඇති ඇමැතිවරයා කොළඹ ඉන්නෙ මිනිසුන් නොවේදැයි ප්‍රශ්න කර ඇත.