ආනන්දි ශෂිදරන්ට ඇමැති පදවියක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
තමන්ට ලැබුණු අමාත්‍යධුරය වගකීමෙන් හා ජනතාවගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කරන බව උතුරු පළාත් ඇමැතිනි ආනන්දි ශෂිදරන් මහත්මිය පැවැසුවාය.  

උතුරේ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න තමන් හොඳින් දන්නා බවත් තමන්ද ඒ තත්ත්වයට මුහුණ දුන් නිසා එම ගැටලු හොඳින් වටහාගෙන ඒවාට පිළිතුරු දීම තම වගකීම බවත් ඇය සඳහන් කළාය.  


උතුරු පළාත් සභාවට සරිලන ප්‍රතිපාදන නොමැති වුවත් තිබෙන ප්‍රතිපාදනවලින් ඔවුනට සේවය කරන බවත් ඇය ප්‍රකාශ කළාය.