ආණ්ඩුවේ හොඳ වැඩට දෙමළ සන්ධාන සහාය


මන්ත්‍රී සම්බන්ධන් 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවකම කටයුතු නොකරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා පැවසීය.  


ආණ්ඩුවේ වැරදි වෙනුවෙන් කිසි විටෙකත් සහයෝගය ලබා නොදෙන බවත් රට සහ ජනතාව වෙනුවෙන් සිදුකරන නිවැරදි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය ලබා දීමට සූද‌ානම් බව ද සම්පන්දන් මහතා පැවසීය. කතානායකවරයා සම්බන්ධයෙන් මේ වන විට කථා බහක් ඇති වී තිබෙන බවත් නිසි වේලාවක දී නිවැරදි තීන්දුවක් ගන්නා බව ද ඔහු පැවසීය.  පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් එය එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් බව ද ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුව තුළ කථානායක ධුරය සම්බන්ධයෙන් මතයක් පවතින බවත් ඒ පිළිබඳ ඡන්ද විමසීමක දී අවස්ථානුයෝගීව ඡන්දය ප්‍රකාශ කරන බව ද ඔහු සඳහන් කළේය.