අනිද්දා විනාඩි දෙකක් නිහඬ වී පාස්කු ඉරිදා බෝම්බයෙන් මියගිය අය සිහිකරන්න


අගරදගුරුතුමෝ  ඉල්ලති 

(දයාසීලි ලියනගේ)   

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන මේ 21 වැනිදා (අනිද්දා) පෙ.ව. 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසටත්, පුද්ගල ඒකරාශිවීමකින් තොරව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් නිවස තුළදී සිහිපත් කරන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.   


මෙදින පෙ.ව. 8.40ට සියලුම කිතුණු දේවස්ථානවල ඝාණ්ටාර නාද කරන ලෙසටද අගරදගුරුතුමන් ඉල්ලා සිටී. හැකිනම් බෞද්ධ විහාරස්ථානවලද මෙයට එක්වී ඝාණ්ටාර නාද කරන ලෙසටද එතුමන් ඉල්ලීමක් කරයි.   
එදින පෙ.ව. 8.45ට විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසට හා පෙ.ව. 8.47 පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන ලෙසටද හෙතෙම ඉල්ලා සිටී. පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු වැඩ සටහන් රටේ පවතින තත්ත්වය මත වෙනස් කිරීමට සිදුවූ බවද එතුමෝ සඳහන් කරති.