අඟුණකොළේ සුපිරි හිරගෙදරටත් දේශපාලන බලපෑම් !


(ජයන්ත සමරකෝන්) 
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පිහිටුවන ලද අඟුණකොළපැලැස්සේ සුපිරි බන්ධනාගාරය විවෘත කර සති ගණනාවක් ගතවී ඇතත් දේශපාලන හේතුවක් මත එහි සිරකරුවන් රැඳවීම ප්‍රමාද කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

 තංගල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන් මෙයට යොමු කිරීමට තීරණය කර තිබුණත්, දැනට එහි රඳවා සිටින දේශපාලන රිමාන්ඩ් සිරකරුවන් නිසා අඟුණකොළපෑලැස්සේ නව බන්ධනාගාරයට රැඳවියන් යෙදවීම ප්‍රමාද කරන බව වාර්තා වේ. 


හම්බන්තොට පැවැති උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, අජිත් ප්‍රසන්න, සම්පත් අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 31 දෙනෙක් මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ දැඩි අපහසුතා මැද රඳවා සිටින බව ද සඳහන් වේ.