යම්තම් දැනගෙන ජ්‍යොතිෂ්‍යය කරන්න එපා


පසුගිය ජනවාරි 21 වන ඉරිද‌ා ලංකාදීපයට ජ්‍යොතිෂ්‍ය ලිපි දෙකක් හේවාපතිරණලා දෙදෙනෙක් ඉදිරිපත් කර ඇති අතර එකක් මැතිවරණය සම්බන්ධවය.  

ඔහු විසින් අඟහරු ග්‍රහයා කේන්ද්‍රස්ථාන ගතවී බලවත්වීමෙන් ගජකේශරී යෝගය උද‌ාවන බවක් සඳහන් කර ඇත. අඟහරු කේන්ද්‍රස්ථානවල බලවත්වීමෙන් රුචක නම් පංචමහා පුරුෂ යෝගය උද‌ාවන අතර ගජකේශරී යෝගයක් අඟහරුගෙන් උදාවන බවක් අප අසා නැත.  


මෙහිදී පුවත්පතේ ජ්‍යොතිෂ්‍ය සම්පාදකවරයාට ද යම් ජ්‍යොතිෂ්‍ය දැනුමක් තිබීම අත්‍යවශ්‍යයයි සිතන අතර ලිපිය නිවැරදි දැයි සොයා බලා කටයුතු කළ යුතු අතර ​ෙමවැනි කරුණු වලින් මිනිස්සු අන්ද මන්ද වෙති. ජ්‍යොතිෂ්‍යය වෘත්තියක් කරගත් බොහෝ දෙනා ගෙවල් ගානේ යයි. පාරේ සිට ගෙන අත්වලින් බලෙන් අල්ලාගනී. යම්තම් කවුරුන්හෝ කියන දෙයක් අසාගෙන සිට ජ්‍යෙතිෂ්‍යවේදීන් ලෙස රඟපාමින් ජනතාව මංකොල්ලකති.  


එසේම දරුපල සම්බන්ධවද ගැටලු ඇත. විවාහක යුවලකගේ පස්වැන්න මකරය වී ගුරු එහි තැන්පත්නම් පුත්‍රයන් ලැබීමට වාසනාව නැති තරම්ය. එසේම දරුවන් නොමැති විවාහක කාන්තාවක් විමසා සිටියේ දැරුපල නොමැති ඇයිදැයි යන්නයි.  


ස්වාමිපුරුෂයා ගැන විමසීමේදී ඔහු විදේශගතවී ඇත. ඉතින් ළමයි දෙන්නෙ දෙවියන්ද යැයි විමසා සිටීමට සිදුවිය.   


විවාහක යුවලකගේ කේන්ද්‍රවල නොගැලපීම් නැතිනම් වෛද්‍ය පරීක්ෂණයක් රුධිර පරීක්ෂණයක් කර ගැනීම වැදගත්ය. එසේත් වී සතුටු දායක ප්‍රතිඵල තිබේනම් යාතු කර්ම තිබේ ප්‍රතිඵළ 90% ක් සාර්ථකය.  
ස්ත්‍රියගේ උදර ප්‍රදේශයට බලගැන්වූ දරු සම්පත් යන්ත්‍රයක් බැඳ ශාන්ති කර්ම කිරීම හා පත්තිනි මෑණියන් ළඟ හලංහලවා යුවතිපතීන් වෙනුවෙන් ආශීර්වාද ලබාගෙන බාරයක්විය යුතුය. ඒ දරුවෙක් ලැබුණු පසු තිදෙනාම අවුත් බාරය ඔප්පු කරන බවටයි.   


විවිධ ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල එක් එක් ජ්‍යොතිෂ්‍ය න්‍යායන් තිබුණද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.  


බොහෝ දුරට වැදගත් වන්නේ ප්‍රායෝගිකව ලබන අත්දැකීම් හා කේන්ද්‍ර විමර්ශනයෙන් ලබන කරුණු තුළින් ප්‍රතිඵල බොහෝ වැදගත්වේ.  


පොරොන්දම් පරීක්ෂාවේ දී දෙදෙනාම හරවෘක්ෂවීම දරුවන් නොමැතියයිද මතයක්වේ. එය සාවද්‍යය. එසේම හතර කේන්ද්‍රය පාළු අය විවාහයට නුසුදුසුයයි මතයක් වේ. එයද අමූලික බොරුවකි.  


බොහෝ කේන්ද්‍රවල විවාහ දෝෂ ඇත. එසේ වූ පමණින් ඔහුට හෝ ඇයට විවාහයක් නැතැයි පැවසීම ජීවිතයක් විනාශ කිරීමක් වැනිය. සෑම දෝෂ සහිත කේන්ද්‍රයකටම එවැනිම ගැලපෙන කේන්ද්‍ර ඇත. දුබලතා නැති ශාරීරික යෝගතාවලින් පූර්ණ යුවලකට දරුවන් දැරීමේ හැකියාව ඇත. එය සිහිනයක් නොවේ. දැනුම්වත් අයගෙන් උපදෙස් පතන්න. අටපාස් අයට අහුවෙන්න එපා.   

 

 


පාරම්පරික ජ්‍යොතිර්වේදී  
ඒ.ඩබ්.සරත් ආනන්ද  
පැලැණ උතුර - වැලිගම  
0776398089