මුව වෙසින් ආ ශිව දෙවියා


භාරත ​ෙද්ව සභාව

 

මෙහි මුල් ​කොටස ගිය සතියේ පළවිය 


 
ගුරුද්රූ හඬ නගා සිනාසුණේය. ඔහුට දැනුණේ ලස්සන මුවා තමන්ට විහිළුවක් කරන බවය. වරක් දිවි බේරාගෙන යන සතෙක් ඊළඟ වර බලෙන් බිලි​ෙවන්නට කැමැත්තෙන්ම පැමිණේවිද?  


“මම කොහොමද උඹ ආයෙම වතාවක් මගේ ළඟට එයි කියලා විශ්වාස කරන්නේ?”   


ඔහු නැවත වතාවක් හඬ නගා හිනැහුණේය. 
  
“ඇත්තටම... මම කියන දේ විශ්වාස කරන්න... ඔබේ දඩයමක් ​ෙවන්නට කලින් මට මොහොතක් නිදහසේ ජීවත් වීමට අවශ්‍යයි...”   


එහෙත් ගුරුද්රූ සුරතට ගත් දුන්නෙන් විෂ පෙවූ ඊතලය මුදාහරින්නට සූදානම් වූයේය.   


“එපා.”  මුවා පැවසුවේය.


“මම මුව අම්මෙක් තවමත් මගේ පුතා පුංචියි. ඒ නිසා ඔහු බලා ගැනීම තවමත් මගේ වගකීමක්. තවත් වතාවක් ඔහුව දැක බලාගෙන මේ සියල්ල ගැන ඔහුට කියලා ඔහුගේ තාත්තාටත් මේ සියල්ලම කියලා මං ආපහු එන්නම්... මම නොවරදවාම එනවා...”   


මේ මුව දෙන කියන්නේ බොරුවක් නොවන බව ගුරුද්රූ තේරුම් ගත්තේය. ඇගේ කියමන අනුව ඇය මරා දැමීම වරදක් සේ ඔහුට දැනුණි. ගුරුද්රූ ඊතලය පසෙකට කර දුන්න පහත දැමුවේය.   
“යන්ඩ.” ගුරුද්රූ කීවේය.


“ඉක්මනට දුවල යන්න. මගේ හිත වෙනස් වෙන්න කලින්.”   


මුව දෙන මොහොතක් වත් පමාවූයේ නැත. ආපසු හැරුණු ඇය පසු නොබලා දුවන්නට පටන් ගත්තාය.   


මුවදෙන නික්ම ගිය පසුව ගුරුද්රූ යළිත් ගසේ අත්ත මත සංසුන්ව වාඩි වූයේය... එහෙත් කුස පෙදෙස රිදවමින් මතු​ෙවන බඩගින්දර නිසා ඒ සංසුන්කම වැඩි වේලාවක් පවත්වා ගැනීමට ඔහුට නොහැකි විය. හාව්... හඬින් ඔහුට ඈනුම් දෙක තුනක්ම පිටවිය.   


ටික වේලාවක් ගෙවී යනවිට නැවත වරක් සර සර හඬ ඇසිණි.   


එහෙත් කිසිවකු දක්නට නොවීය. ගසේ අත්ත මත හරිබරි ගැහුණු ගුරුද්රූ සිය තියුණු ඇස් දෙක හාත්පස යොමු කළේය. කිසියම් සතෙක් ඉක්මනින්ම මේ පොකුණ වෙත පැමිණේවායි යන්න ඔහුගේ ප්‍රාර්ථනය විය.   
රාත්‍රිය උදාවිය. සියල්ල අන්ධකාරයේ ගිලී යද්දී ගුරුද්රූට සිදුවූයේ අර අත්ත මතම වැතිරී ඇස් දෙක පියාගන්නටය.  


බඩගින්න ඔහුට වද දුන්නේය. එහෙත් කුමක් කරන්නද? අවට ගස්වල ඉදුණු පලතුරක් වත් නැත. ඈනුම් අරිමින් රාත්‍රිය ගත කළ ඔහු පසුදා උදෙන්ම අවදිවී පොකුණට බැස්සේ දිය බී මුහුණු කට දොවා ගැනීමටය.   
තවත් මුවෙකුගේ රුවක් ගුරුද්රූගේ නෙත ගැටුණි. උෟ පැමිණෙන්නේ දුරින් බැවින් ඌට ගුරුද්රූගේ රුව ඇස නොගැටෙන්නට ඇතැයි ඔහුට සිතුණි. ඔහු වහා අතු පතරට මුවාවී දුන්න සහ ඊතලය අතට ගත්තේය.   
අර මුවා පිරිමි සතෙකු බව කියාපෑවේ උගේ උස් අලංකාර අං තට්ටුව විසිනි. කලින් දා පැමිණි ලස්සන මුව දෙනට වඩා මේ මුවා විශාලත්වයෙන්ද වැඩිවිය.   


“මූ නම් දඩයමකට ​ෙෂා්ක්” ගුරුද්රූ තමන්ටම කියා ගත්තේය.   


වට පිට බලමින් තම ආරක්ෂාව තහවුරු කර ගනිමින් හෙමින් හෙමින් පැමිණි මුවා පොකුණ අද්දර නතර වූවේය. නැවත වරක් වට පිට බලා අනතුරක් නැති බව වටහාගත් ඌ දිය බොන්නට පොකුණට හිස පහත් කළේය.  
එහෙත් ඌ වතුර බීවේ නැත. ඒ වෙනුවට පොකුණු දියෙන් පෙනෙන යම් කිසිවක් දෙස ඕනෑකමින් බලා සිටියේය.   


“ඇති.”  ගුරුද්රූ තමන්ටම කියා ගත්තේය. හඬක් නොනැගෙන පරිදි දුන්න සහ ඊතලය අතට ගත් ඔහු ඊතලය මුදා හරින්නට තීරණය කළේය.   


එහෙත් එවිටම ඒ මුවාද ගුරුද්රූට කතා කළේය.   


“දඩයක්කාරයාණනි, මා දන්නවා ඔබ සූදානම් ​ෙවන්නේ මා දඩයම් කිරීමට බව. නමුත් කරුණාකරලා මට දැනට යන්න දෙන්න. මා එනතුරු මගේ බිරිඳත් පුංචි පැටවාත් මග බලා ඉන්නවා. මගේ බිරිඳත් පැටියාත් තව එක්වරක් බලලා ආපසු මම ඔබ වෙත එන්නම්”   


“උඹ හිතන්නෙ මම මෝඩයෙක් කියලද?” ගුරුද්රූ කෝපයෙන් විමසුවේය.   


එවිටම හිස ඔසොවා ගුරුද්රූ දෙස බැලූ මුවාගේ ඇස්වල තිබුණු කඳුළු ගුරුද්රූ දුටුවේය.   


“පලයං” ගුරුද්රූ කෝපයෙන් පැවසුවේය. “උඹත් කලින් මුවදෙන වගේම මාව මෝඩයෙක් කරලා පැනලා යන්නයි හදන්නෙ... ඉතින් උඹත් පලයං. මං බඩගින්නේ ඉන්නම්...” මුවා පලා ගියේය.   


තවත් දෙපැයක් පමණ ගෙවී ගියේය. පොකුණේ ජලය මුළුමනින්ම සංසුන්ව පැවතියේය. පොකුණ වෙත ආ ගුරුද්රූ නැවත වතාවක් දිය දෝතක් ගෙන පානය කළේය. එතෙක් වේලා ඔහුට වදදුන් පිපාසය පහවී කුසගින්න මදක් අමතකවී සැහැල්ලු බවක් දැනිණි.   


ඉවුරේ වාඩි වූ ගුරුද්රූ ඔහේ නිහඬවම සිටියේය. එහෙත් එවිටම ඔහු දුටුවේ තවත් මුව දෙනෙක් පොකුණු වෙත පියවර තබන ආකාරයයි.   


ගුරුද්රූගේ හිතේ යළිත් වරක් බලාපොරොත්තු දැල්විණි.   


“අර මුව දෙන එයාගෙ පොරොන්දුව ඉටු කරන්න ඇවිත්” ගුරුද්රූ තමන්ටම කියා ගත්තේය.   


ප්‍රීතියෙන් පිනාගිය ඔහු දුන්න සහ ඊතලය සුදානම් කර ගත්තේය.   


“දඩයක්කාරයෝ” ඒ මුවදෙනද කතා කරන්නට වූවාය.


“ඔබ දැක්කද මගෙ සහෝදරයයි ඔහුගේ බිරිඳයි ඒ දෙන්නගෙ පැටියා මට බලා ගන්න කියලා ඒ දෙන්න ගියා. දැන් පැටියා එයාගෙ අම්මයි තාත්තයි ඉල්ලලා අඬනවා.”   


ගුරුද්රූ කෝපයෙන් ඉවත බැලුවේය. තමාගේ ළඟටම පැමිණි මේ දඩයමට නම් ආපසු යන්නට ඉඩ දිය නොහැක. ඉකුත් වූ දෙවතාවේදීම ඔහු කළේ මෝඩකමක් බව ගුරුද්රූ කල්පනා කළේය ඔහු දුන්නත් ඊතලයත් අතට ගත්තේය.   

එවිටම ගුරුද්රූ ඉදිරිපිට විද්‍යමාන වූයේ ඇස් තුනක් හිමි අඳුරු දෙවි ශිවය. ගුරුද්රූට කිසිවක් විශ්වාස කිරීමට නොහැකි විය. මුව ගොළුවුණු ඔහු විවර කරගත් දෑසින් මේ දේවතා රුව දෙස බලා සිටියේය.  මද සිනාවකින් මුව සරසාගත් ශිව දෙවියා තම මුව විවර කළේය.  


මුව දෙන ගුරුද්රූ දෙස බලා සිටියාය.   


“කරුණාකර මට යන්න දෙන්න. මේ වෙලාවෙ මාව මරන්න එපා. මගේ සහෝදරයාවත් එයාගෙ බිරිඳවත් දන්නෙ නැහැ. ඒ හින්දා දැන් මට යන්න දෙන්න. අර පැටියාව එයාගෙ මව්පියන්ට බාර දීලා මං ආපසු එන්නම්. අන්න එතකොට මාව මරන්න.”   


ගුරුද්රූ තම හිස සෙලවීය. මුව දෙන කියන කතාව බොරුවක් නොවේ නම් ඇයට යන්නට දිය යුතුය. සියලු කටයුතු අවසන් කර ඇය ආපසු එනු ඇත... එවිට ඇයට දඩයම් කරගෙන ගෙදර බලා යා හැකිය.   
අර මුවදෙන ද ආපසු හැරී යන්නට ගියාය. “ඇය යන්නේ ඇගේ සොයුරා සහ නෑනණ්ඩිය සොයාගෙන විය යුතු යැයි” ගුරුද්රූ කල්පනා කළේය.   


තවත් හෝරා දෙකක් පමණ ගෙවී ගියේ විශේෂ කිසිවක් සිදු නොවීවමය. මේ වනවිට බඩගින්න ඔහුට දරාගත නොහැකි තරමටම පීඩා දුන්නේය. පොකුණට බැස වතුර දෝතක් පානය කළ ඔහු ඉවුරේ වාඩි වූවේය.   
“මුවෝ තුන් දෙනෙක්ම ආවා. ඒත් ඒ තුන් දෙනාටම මම යන්න දුන්නා. හතර වැනි මුවා එන්නෙ කීයටද මන්දා” ගුරුද්රූ තමන්ටම කියා ගත්​ෙත්ය.   


එහෙත් සිවුවැනි මුවා පොකුණට ආවේ තවත් හෝරාවකට පමණ පසුවය. ගුරුද්රූ වහා ඊතලය හා දුන්න අතට ගත්තේ ඒ මුවා වචනයක් වත් කතා කරන්නට කලින් දුනුදිය පිට කරන්නට හිතාගෙනය.   


එහෙත් එවර පමිණියේ එක් මුවෙක් නොවේ. තවත් තුන් දෙනෙක්ම එකා පසුපස එකා බැගින් පැමිණියහ.  


මේ මුව පෙරහර දුටුවිට ගුරුද්රූට පුදුමයක් දැනිණි. බියක්ද දැනිණි. අතට ගත් දුන්නත් ඊතලයත් බිම තැබූ ඔහු මේ මුව රංචුව දෙස බලා සිටියේය.   


මුලින්ම පැමිණියේ මුව දෙනකි. ඊළඟට මුවෙකි. ඊළඟට තවත් මුව දෙනකි.   


මේ තුන් දෙනාම කලින් ආපු මුව දෙන්නු.   


ගුරුද්රූ වහා ඒ මුවන් හඳුනාගත්තේය.   


සිවුවැනියා මුව පැටියෙකි. ඒ අර මුලින් සිටින මුව ජෝඩුවගේ දරුවා විය යුතුය.  


“දඩයක්කරුවාණෙනි ඔබ උතුම් මිනිසෙක්...”   


මුලින්ම පැමිණි මුව දෙන පැවසුවාය.   


“ඔබට හුඟාක් ස්තුතියි. ඔබ මට ආපසු යන්න ඉඩ දුන්නා. නමුත් දැන් මම මගේ කාර්යය අවසන් කළා. දැන් ඔබේ වාරය...”   


“ඔව්, දඩයක්කාරයාණෙනි ඔබ මටත් යන්න දුන්නා. මම මගේ භාරයේ සිටි පැටවා ඔහුගේ මව්පියන්ට භාර දුන්නා” ඊළඟට කතා කළේ අනෙක් මුව දෙනය.   


“මම පැමිණියේ මගේ පොරොන්දුව ඉටු කරන්න.”  


ඊළඟට මුවා තම හිස ඔසොවා දඩයක්කාරයා දෙස බැලුවේය.   


“අපි තුන් දෙනාම අපේ රාජකාරී අවසන් කළා. දැන් ඉතින් ඔබට කැමැත්තක් කරන්න පුළුවන්...”   


මුව තාත්තා හිස පහත් කරනවිටම ඇසුණේ ලපටි හඬකි.   


ඒ අර මුව පැටවාගේ හඬය.   


“දඩයක්කාරයාණනි, මේ තුන්දෙනා හැර වෙනත් කිසිවෙක් මට නැහැ. මොවුන්ගෙන් කෙනෙක් හෝ අහිමි වුවහොත් මට යන එන මගක් නැතිවෙනවා.”   


මුව පොව්වාගේ මුවෙහි තිබුණේ දුක්බර ස්වරයකි.   


එහෙත් තවදුරටත් මෝඩයකු විය නොහැකිය. මේ හතර දෙනාගෙන් එක මුවකු දඩයම් කර ගන්නට හිතා ඔහු බිම තිබූ දුන්න හා ඊතලය සෙව්වේය. මොහොතකට පෙර තමා ළඟම තිබූ දුන්නත් ඊතලයක් ඒ මොහොතේ තිබුණේ නැ.   


“මගේ දුන්නට මොකද වුණේ?”   


ගුරුද්රූ තමාගෙන්ම ප්‍රශ්න කළේය... සිරුර දහදියෙන් නැහැවී ගියේ හි​ෙත් උපන් කිසියම් බියක් හේතුවෙනි.   


වහා ඉඳ සිටි තැනින් නැගිට ගත් ගුරුද්රූ මුවන් දෙස බැලුවේය. එහෙත් ඒ වනවිට එක් මුවෙක්වත් දකින්නට නොසිටියේය.   


“උඹලා කව්ද? උඹලා ඇත්ත මුවන් නොවෙයිද?” ගුරුද්රූ විමසුවේය.   


එවිටම ගුරුද්රූ ඉදිරිපිට විද්‍යමාන වූයේ ඇස් තුනක් හිමි අඳුරු දෙවි ශිවය. ගුරුද්රූට කිසිවක් විශ්වාස කිරීමට නොහැකි විය. මුව ගොළුවුණු ඔහු විවර කරගත් දෑසින් මේ දේවතා රුව දෙස බලා සිටියේය.   
මද සිනාවකින් මුව සරසාගත් ශිව දෙවියා තම මුව විවර කළේය.   


“දරුවා, අද ඔබේ වන්දනා දවස. මගේ නම පවසන්නේ නැතුව ඒ වන්දනාව අවසන් ​ෙවන්නේ නැහැ.”   


ගුරුද්රූ පුදුමයෙන් බලා සිටියේය.   


“වන්දනාව... මගේ...?”


කිසිවක් වටහා ගැනීමට නොහැකි වූ ගුරුද්රූ මුව විවර කරගෙන ඇස් අයාගෙන බලා සිටියේය.   


“උතුමාණනි, ඔබට වන්දනා කළ හැකි කිසිම ක්‍රමයක් මා දන්නේ නැහැ.”  


දෙවියා යළිත් සිනාසුණේය.   


“මගේ නම පැවසීම වුවත් මට කළ හැකි වන්දනාවක්.”   


ගුරුද්රූ වහා “ශිව... ශිව..” යැයි හඬ නගා පැවසුවේය.   


ඊළඟ මොහොතේ අඳුරු දෙවියාගේ පාමුල වැඳ වැටුණු ඔහු මොහොතකට දෙනෙත් පියා ගත්තේය.   


“උතුමාණෙනි, ඔබ මට කියා දුන්නේ කදිම පාඩමක්. මෙතැන් පටන් මා ඔබ වෙනුවෙන් කැප වෙනවා... යළිත්‍් නම් කිසිම සතෙකුගේ ප්‍රාණයට හානි කරන්නට හිතන්නේවත් නැහැ.” 


“ගුරුද්රූ ඔබ දන්නවද ගෙවී ගියේ මහා ශිව රාත්‍රිය බව. මේ රාත්‍රිය වූ කලී මට පුද පූජා පවත්වන මට වන්දනාමාන කරන රාත්‍රියයි. දැන් ඔතන සිටියා ඇති එන්න මා සමඟ...”   


ශිව ගුරුද්රූට ඇරියුම් කළේය.   


සියල්ල වටහා ගත් ගුරුද්රූ  ශිව දෙවියා සමඟ කෛලාෂ මන්දිරය බලා ගියේය.   

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන