පෙරභවයේ ඩයනා බැව් කියන දරුවෙක්


​පෙර භවයේ ප්‍රබල සාක්කි

 

එක්දහස් නවසිය අසූහතේ අගෝස්තු 31 වැනිදා මුළු ලොවම කම්පාවට පත්කරවමින් එංගලන්තයේ ඩයනා කුමරිය හදිසි මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූවාය. එංගලන්තයේ මහ රැජිනව සිටි දෙවැනි එළිසබෙන් රැජිනගේ පුත්‍රයා වූ චාල්ස් කුමරුගේ බිරිය වූ ඩයනා ඒ වන විට පුතුන් දෙදෙනෙකුගේ මවක්ව සිටියාය. ඇය මරණයට පත්කළ මෝටර් රථ අනතුරු සිදුවූයේ පැරිසියේ මහා මාර්ගයකදීය.  


ඩයනා කුමරියගේ එම අනතුර පිළිබඳව ලොව පුරා මහත් ආන්දෝලනයක්ද ඇතිවිය. පැපරාසි කැමරාකරුවන් ඇගේ ඡායාරූප ගැනීම සඳහා පසු පසින් පැමිණෙමින් සිටියදී අනතුරුට පත් වූ බැව්ද කියැවිණි. ඇගේ මරණය පිළිබඳව සියලුම රටවල පුවත්පත් සහ මාධ්‍ය අංශ මගින් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය.   


ඇය මරණයට පත් වී මේ වන විට වසර විසිදෙකක් ගත වී තිබේ. ඇය පිළිබඳව මතකය අලුත්කරවමින් ආන්දෝලනාත්මක පුවතක් දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. ඊට හේතු වී ඇත්තේ ඇගේ යළි ඉපදීමක් ලෙස ඕස්ට්‍රේලියාවේ උපන් දරුවෙක් පෙර භවයේදී ඩයනා කුමරිය බැව් ප්‍රකාශ කිරීමය. මේ පිළිබඳව විදේශ පුවත්පත් සහ අන්තර්ජාලයද මහත් ප්‍රසිද්ධියක් ලබා දී ඇත.   


මම ඩයනා කුමරිය විදිහට ඉන්නකොට මහ හඬක් ඇසුණා. ඊට පස්සේ ඩයනා කුමරිය අවසන් වුණා.’’ යැයි එම දරුවා පවසා තිබේ. ඩයනාගේ වියෝවීම පිළිබඳව ඔහු මහත් දුකෙන් පවසන බවද මාපියෝ අනාවරණය කරති. ඩයනා කුමරියගේ ඡායාරූපයක් දැක ඒ ඔහු බැව් එම දරුවා ප්‍රකාශ කර ඇත. දිනක් ඔහු ‘‘මයි බෝයිස්’’ (My Boys) යනුවෙන් පවසා ඇත. ඒ වන විට තොහැවිරිදි දරුවාගේ එම ප්‍රකාශයෙන් පුදුමයට පත් වූ මව ඒ කව්රුන්දැයි ප්‍රශ්න කර ඇත. එයට පිළිතුරු දුන් බිලි ඒ මගේ පුතාලා යයි පවසා තිබේ.  


බිලි නම් වූ මෙම දරුවා මීට අමතරව ඩයනාගේ ජීවිතයට සම්බන්ධ තවත් රහස් තොරතුරක්ද දරුවා අනාවරණය කළ බැව් පියා පවසා ඇත. ඩයනා කුමරියට සොහොයුරෙකු සිටි බවත් ඔහුගේ නම ජෝන් බවත් පවසා ඇත.ජෝන් යනුවෙන් නම් කළ එම දරුවා බිලිඳු වියේදීම මියගොස් ඇත. එම තොරතුර බිලි හෙළිකිරීම පිළිබඳවද පියා අනාවරණය කර තිබේ.  

 

 


ඩයනා කුමාරියගේ ඡායාරූපයක් ප්‍රථම වරට දුටු දරුවා,  


THERE IS ME AS A PRINCESS THEN ON DAY THE SIRENS CAME AND I WAS NOT A PRINCESS ANYMORE) යනුවෙන් පැවසූ බැව් මව අනාවරණය කර ඇත. මෙම පුනර්භව සාධකය පිළිබඳව එංගලන්තයේ පුවත්පතක දීර්ඝ වාර්තාවක් පළවිය.  


රජ පවුල පිළිබඳව හෝ ඩයනා කුමරිය පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව සිටියදී තම දරුවා කරනු ලබන මෙම ප්‍රකාශ පුදුමයට හේතුවක් බැව් එම දරුවාගේ පියා ප්‍රකාශ කර තිබේ.   

 


තිස්ස ජයවර්ධන