ග්‍රහ සංයෝගයන්ගෙන් චතුර් ග්‍රහයෝග යෙදීම


ග්‍රහ සංයෝගයන්ගෙන් වඩාත් ශුභඵල උද‌ාකරන්නේ කේන්ද්‍රස්ථානයකුත් (01.04, 07.10) ත්‍රිකෝණස්ථානය (05.09) අධිපති ග්‍රහයින් එවැනිම ස්ථානයක එකට සිටීමෙනි. එකම රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගය ලෙස සැලකෙයි.  


ඇතැම් චතුර් ග්‍රහයෝගවලින් (ග්‍රහයින් සතර දෙනකුගේ සංයෝගය) උසස් වෛද්‍යවරුන් හා නීතිඥවරුන් බිහි වෙයි. රවි-සඳු-කුජු-බුධ චතුර් ග්‍රහයෝගය යෙදුණ අය රසායනික හා වෛද්‍ය සේවාවල නිරත වෙයි.  


රවි - සඳු - කුජ - ගුරු යෝගයෙන් උපන් අය දක්ෂ නීතිඥවරුන් විනිශ්චයකාරවරුන් වෙයි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ධනයෙන් හා බලයෙන් යුක්ත වෙයි.  


රාජ්‍ය අංශයේ උසස් නිලතල දැරීමට හැකිවන්නේ රවි-සඳු-ගුරු-සිකුරු ග්‍රහයින් එකට සිටීමෙනි. ව්‍යාපාරිකයින්ට ද මෙම යෝගය පිහිටයි. මෙය ධන යෝගයක් ලෙස ද සැලකෙයි.  
දක්ෂ ඉංජිනේරුවන්, කාර්මික කටයුතුවල නියැලෙන්නන්, අහස්යාත්‍රා පදවන්නන් වීමට හේතුවන්නේ රවි-කුජ-බුධ-ගුරු ග්‍රහයින් කේන්ද්‍ර සටහනේ යහපත් තැනක පිහිටීමෙනි.  
 රවි-බුධ-ගුරු-සිකුරු සංයෝගය යෙදීමෙන් පිරිස් බලය ලබයි. මැති ඇමැති තනතුරු ලැබීමට වාසනාව ඇත. කතාවෙන් ජය ගනී. විශාල දේපල වතු පිටි ඇති අයකු වන්නේය.  

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී කලා භූෂණ  
ආර්.ඇම්.ටී.බී. රත්නායක