අත්ලේ ත්‍රිකෝණ ලකුණින් ගෙනදෙන සුබ අසුබ


අත්ලේ පිහිටි රේඛා මණ්ඩලවල පිහිටීම අනුව මෙන්ම අත්ලේ පිහිටි සුවිශේෂ සලකුණු මගින්ද කෙනෙකුගේ ජීවිත පලාඵල පැවසිය හැක. ඒ අනුව ත්‍රිකෝණයක සලකුණද විශේෂ සලකුණක් ලෙස සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. නිදහස්ව සටහන් වී ඇති එවැනි ත්‍රිකෝණ සටහන් විශේෂයෙන් ග්‍රහ මණ්ඩලවල පිහිටීමෙන් එම මණ්ඩලවල බලයද අසීමිත ලෙස වර්ධනය වෙයි. මේ අයුරින් කෙනෙකුගේ අත්ලේ යම් යම් ස්ථානවල ත්‍රිකෝණ සලකුණ පිහිටීමෙන් අත්ල හිමියාට හිමි වෙන සුබ අසුබකම් පිළිබඳව දැන් සලකා බලමු. 

 

රූප සටහනේ අංක 1 සලකුණු කර ඇති ගුරු මණ්ඩලය මත පිහිටි ත්‍රිකෝණය දෙස දැන් බලන්න. මෙය අත්ල හිමියාට ඉතාමත් සුබ ඵල දෙන පිහිටීමක් වෙයි. රජයේ උසස් නිලතල, කීර්ති ප්‍රශංසා ආදිය ලැබීමට මෙය හේතු වෙයි. ජන නායකයන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු දරන අයගේ අත්වල මෙම සලකුණ ඇති බව ඔප්පු වී ඇත. 


අංක 2 න් සලකුණු කර ඇත්තේ ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයයි. විවිධ ගුප්ත විද්‍යා කටයුතුවලට දක්ෂ අයගේ අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ සටහන් දැකිය හැකි වෙයි. අන්‍යයන්ගේ සිත් හඳුනා ගැනීමේ පුදුම දක්ෂතාවක් ඔවුන් තුළ උපතින්ම පිහිටා ඇත. 


3 වෙනි ස්ථානයේ පිහිටි රවි මණ්ඩලයේ ත්‍රිකෝණය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වෙන උසස් බුද්ධි බලයක් ඇති අයෙකු හඳුන්වා දෙයි. 


4 වෙනි අංකයෙන් පෙන් වූයේ බුධ මණ්ඩලයයි. දේශපාලඥයකු, රාජ්‍ය නිලධාරියකු, ව්‍යාපාරිකයෙකු හෝ ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ප්‍රසිද්ධිය ලබන අයගේ අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ සලකුණ තිබිය හැක. 


5 කුමන ක්‍රමයකින් හෝ ජනයාගේ ආදරයට පාත්‍රවන අයගේ මෙම කුජ මණ්ඩලය මත ත්‍රිකෝණ ලක්ෂණය බොහෝ විට දැකිය හැකියි. සටන්කාමී බවේ සංකේතයක් වශයෙන් එය හැඳින්විය හැක. 


6 වෙනි අංකය සඳහන් චන්ද්‍ර මණ්ඩලයේ ත්‍රිකෝණය ඉතාමත් සුබ පිහිටීමක් වෙයි. එම අත් හිමියෝ අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට දක්ෂයෝ වෙති. ලේඛකයන් මෙන්ම නාවිකයන්, කිමිදුම්කරුවන්, ධීවරයන් වැනි ජලාශ්‍රිත රැකියාවන් කරන අයගේද අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ ලකුණ දැකිය හැක. 


7 වැන්නෙන් සටහන් වෙන සිකුරු මණ්ඩලයේ ත්‍රිකෝණ සටහනක් ඇත්තේ නම් තීක්ෂණ බුද්ධියෙන් යුතුව විවාහයට පත් වෙන අතර රාගාධික නොවන චිත්ත දමනයෙන් යුතුව ක්‍රියාකරන්නකු වේ. 


8 ජ්‍යෝතිෂය අනුව කුජ ග්‍රහයා අභීතව ක්‍රියා කරන්නෙක්. මේ නිසා කුජට හිමි කුජ මණ්ඩලයේ ත්‍රිකෝණ ලකුණ වැටීම අතිධාවන පෙන්වීමක්. මෙම හේතුවෙන් පළවෙනි කුජ මණ්ඩලයේ එවැනි පිහිටීම ඇති අය ඕනෑම දරුණු කාර්යයකට යොමු වේ. 


9 වෙනි අංකයෙන් සටහන් වන්නේ අත්ලේ මැද පිහිටි කුජ තලාවයි. සියලුම බාධක අබිබවා ඉදිරියට යාමේ අයෝමය ආත්ම ශක්තියක් ඇති දාර්ශනිකයකු කුජ තලාව ඇඟිලි මත පිහිටීම්. 


10 මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණ පිහිටීමද සුබය. බුද්ධිමතුන් වන ඔවුහු ධනවත් වීමේ භාග්‍යය ඇත්තෝය. 


11 වැන්න සටහන් කර ඇති මහපටගිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණයද ඒවගේම සුබ ඵල දෙයි. මෙය හදිසි ධන ලාභවලටද හේතු වනු ඇත. 


12 වැන්නේ ත්‍රිකෝණ ලක්ෂණයෙන් ධාන්‍යලාභී උත්තමයකු හඳුනා ගත හැකියි. 


13 දබර ඇගිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණය යහපත් චරිතයක් ඇති අයගේ අත්වල දැකිය හැක. එය පැවිදි යෝග ඇති අයගේ අත්වලද පිහිටිය හැකි බව කියැවේ. 


14 ගුප්ත විද්‍යාවලට වගේම ඇස් බැන්ඳුම්වලටත් දක්ෂතා ඇති අයගේ තුන්වෙනි පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණය තිබිය හැක. 


15 මැද ඇඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණයද සුබ දායක වෙයි. ඕනෑම කාර්යයකට දක්ෂයන් වන ඔවුන් කලාවට ලැදි අයද වෙති. 


16 මැද ඇගිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණයෙන් ගුප්ත විද්‍යාවට සහජ දක්ෂතාවක් ඇති අයෙකු පෙන්නුම් කරයි. 


17 මැද ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ ඇති ත්‍රිකෝණ ලක්ෂණ වලින් කපටි හා වංචාකාරී ලෙස දිවි ගෙවන අයෙකු හඳුනාගත හැක. 
18 ප්‍රසිද්ධ ලේඛකයන්ගේ අත්වල වෙද ඇඟිල්ලේ පළමු පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණ ඇති විය හැක. 


19 වෙද ඇඟිල්ලේ දෙවෙනි පුරුක දෙස දැන් බලන්න. එම ස්ථානයේ ත්‍රිකෝණ ලක්ෂණයක් පිහිටන්නේ බොහෝ විට රඟපෑම, චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය වැනි කලා ශිල්පීය හැකියාවක් ඇති අයගේ අත්වලයි. 


20 එම ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ ත්‍රිකෝණය ගුවන් විදුලි යන්ත්‍ර, ඔරලෝසු වැනි සූක්ෂම කාර්මික වැඩ කරන අයගේ අත්වල දැකිය හැක. 


21 සුළඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණයද ඉතාමත් සුබයි. යන එන හැම තැනකදීම ගරු බුහුමන් ලබන ඔවුහු සදානුස්මරණීය නාමයක් තබා මිය යන්නෝය. 


22 දක්ෂ වෛද්‍යවරුන්, චතුර කථිකයන්ගේ අත්වල සුළඟිල්ලේ දෙවෙනි පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණ පිහිටිය හැක. 


23 සුළඟිල්ලේ තුන්වෙනි පුරුකෙන් පෙන්නුම් කරන ත්‍රිකෝණ ලක්ෂණය දේශපාලන කටයුතු වලින් මෙන්ම ව්‍යාපාර කටයුතු වලින් දියුණු වන අයගේ අත්වල දැකිය හැක. 

 

 

 

 

 

 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස් 
අංක 158, හිඹුටාන (රෝහල ඉදිරිපිට) 
මුල්ලේරියාව නව නගරය.