විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා


 

 

  • මෙගාවොට් 200ක රාජ්‍ය අායතන ජෙනරේටර් පැත්තක   
  • සුළං විදුලි යෝජනා 650ක් නොසලකා හැරලා 

 

 

 

(දයාසීලි ලියනගේ) 

රාජ්‍ය ආයතන සතුව ඇති මෙ.වො. 200ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙ.වො. 1400ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කළ 650 දෙනාට එම අවස්ථාව ලබාදී තිබුණා නම් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව තිබූ බව වාර්තා වේ. 

ජල සම්පාදන මණ්ඩලය සතුව මෙ.වො. 35ක වරාය සතුව මෙ.වො. 16ක, ආරක්ෂක අංශ සතුව මෙ.වො. 17ක, මහ බැංකුව සතුව මෙ.වො. 4ක ලංකා බැංකුව සතුව මෙ.වො. 5ක කටුනායක ගුවන් තොටුපල සතුව මෙ.වො. 5ක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව මෙ.වො. 8ක, විශ්වවිද්‍යාල සතුව මෙ.වො. 4ක රේගුව සතුව මෙ.වො. 4ක ආදි වශයෙන් මෙ.වො. 200ක විදුලිය ජනනයක් රාජ්‍ය ආයතන සතුව ඇති අතර හිලව් පදනම යටතේ මේවායෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගැනීමේ හැකියාව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ (ආයතනික හා සන්නිවේදන) ජයනාත් හේරත් මහතා කීය. 


මෙම ආයතනවල ජෙනරේටර්වලින් විදුලිය ලබාගන්නා ලෙසට 2016දී අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින්ද, 2018දී අමාත්‍ය මණ්ඩලය මගින් ද අනුමැතිය ලබාදී තිබූ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය. 


මීට අමතරව සුළං විදුලි බලාගාර 1400ක් පිහිටුවීමට අයදුම්පත් 650ක් වර්ෂ 2016දී විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබි බවද ඔහු කීය.