පළාත් සභා ඡන්දය අයවැයට පෙර


(අජන්ත කුමාර අගලකඩ)
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණය ලබන අයවැයට පෙර පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පළාත් සභා තුනේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වේ.


මෙම පළාත් සභා තුන කලින් විසුරුවා නොහැර නිල කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණයකට යාම සුදුසු බව රජයේ අදහස වී ඇත.
ඒ අනුව සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණය ලබන නොවැම්බර් මාසයට පෙර පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.


නිල කාලය අවසන් වන පළාත් සභා තුනේ මැතිවරණය මේ වසරේ පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා පළාත් මහ ඇමැතිවරුන් හා පළාත් ඇමැතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදීද ප්‍රකාශ කර තිබිණි.


සබරගමුව හා උතුරු මැද යන පළාත් සභා දෙකේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා තවත් පක්ෂ එකතුව නැගෙනහිර පළාත් සභාවේ පාලනය ගෙන යයි.