දේශපාලකයන්ට-නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි පියවර


(දයාසිලි ලියනගේ)
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචකයට වගකිව යුතු සියලු තරාතිරම්වල දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.


මේ සම්බන්ධ වගකිව යුත්තන් පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගෙන් යුත් කොමිසමක් පත් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 


පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධය ආයතන ප්‍රධානීන් සමග ඉකුත් සිකුරාදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.


කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.


මීතොටමුල්ල ඛේදවාචකයට මූලික හේතුව ආයතන අතර කඹ ඇදීම බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.


මෙම කඹ ඇදිල්ල නිසා සිදුවූ ඛේදවාචකය පිළිබඳව සෙවීමට පත් කරනු ලබන කොමිසමේ වාර්තාව මසක් ඇතුළත ලබා ගැනීමටද නියමිතය.