එතෙර වෙළෙඳපොළ ආක්‍රමණයට ආණ්ඩුවේ සූදානමක්


අගමැතිවරයා සඳුදා යුරෝපා වාණිජ මණ්ඩලයේ කොළඹ සමුළුවට එක්වූයේ ජයික් හිල්ටන් හි දීය.  
‘අලකේෂ්වරට කෝට්ටේ මඩ වගුරක් එදා ලැබුණේ. අපටත් එහෙමයි. මඩ එක්ක සර්පයන්, හිවල්ලු හා සුනඛයොත් හිටියා. පසුගිය වසර දෙ​ෙකහිදී අප කළේ මොනවාදැයි සමහරුන් අහනවා. 

 

අප සත්තු එළවල මඩවගුර ක්ෂේම භූමියක් කරන ශක්තිමත් පදනම දැම්මා. ඊළඟ වසර තුනකදී රුපියල් කෝටි හාර ලක්ෂ විසිදහක ණය ගෙවලා රටත් හදලා ජනතාවට සෙත හා තරුණයන්ට රැකියා දෙන්න කටයුතු කරනවා.  


පරාක්‍රමබාහු රජු ලෝකයම වෙළෙඳපොළක් කළා. අපත් ආසියාව යුරෝපය ඇතුළු ශක්තිමත්ම වෙ​ෙළඳපොළවල් ආක්‍රමණය පටන් ගත්තා’ අගමැතිවරයා එහිදී කීවේය.  


අඟහරුවාදා සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණී අතර දෙරට අතර වර්ධනය වන වෙළෙඳ හා ආයෝජන අවස්ථා වලට එය මහත් ශක්තියක් විය.  


ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිනිය බදාදා පැමිණි අතර ඒ හරහාද ආර්ථික වාසි රැසක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේය. ඇය හා අගමැති අතර හමුව බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී පැවැත්විණි.  


 අගමැතිවරයාගේ උපදෙස් මත විදේශ ඇමැති රවී එකී වාසි ගැනීම සඳහා දැඩි කැපවීම් කළේය. විදේශ ඇමැති දෙපළ සඳහා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද අරලියගහ මැදු​ෙර්දී පැවැත්වූයේ බදාදා රාත්‍රියේය.  


‘ලංකාවට ඩෙංගු මර්දනය සඳහා හැම අතින්ම සහාය දීමටත් ඕස්ට්‍රේලියාව පොරොන්දු වුණා.’ අගමැති කීවෙ බ්‍රහස්ප්‍ තින්දා අරලියගහ මැදුරට පැමිණී මැති ඇමැතිවරුන්ටය.  


 ‘රන්ජන් රාමනායකට ඔබතුමා දොස් කීම ගැන එයා කනගාටුවෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.  


‘මා දොස් කීවේ නැහැ. අඩුපාඩුවක් පෙන්නල දුන්නා. ඒවා හදා ගත්තාම ඉවරනේ?’ අගමැතිවරයා සැහැල්ලුවෙන් කීවේය.  


‘සියලු ජාතීන්ට අයත් 11 දෙනෙකු පැහැර ගෙන කප්පම් ගත්තාය කියන චෝදනාවට අත්අඩංගුවට ගත්ත නාවික හමුදාවේ දසනායකගේ ප්‍රශ්නය දැන් මාධ්‍ය සංදර්ශනයක් වෙලා.’ දයා ගම​ගේ කතාව වෙනතකට යොමු කළේය.  


 ‘ඒක පොලිසිය, උසාවිය බලා ගනීවි. ආණ්ඩුවේ බලපෑමක් නැහැ.’ අගමැති කීය.  


‘ඒ 11 දෙනා ත්‍රස්ත්‍ යෝ බව වීරවංශ කියනවා. එයා ඒ ගැන දන්නා විස්තර කියන්න උසාවි කැඳවන්න ඕනෑ. ඔවුන් 11 දෙනා ත්‍රස්ත්‍ යන් බව වීරවංශ ඔප්පු කළොත් දසනායක නිදහස් වේවි.’ විජයදාස රාජපක්ෂ නීති තර්කයක් මතු කළේය.  


‘හිටපු නාවික හමුදාපති කෙනකු බේරන්න මහින්ද නඩය වෙන කෙනකු බිල්ලට දෙන්නයි වැඩේ සෙට් කර තිබෙන්නේ. බිල්ලට අහුවුණ කෙනා ඇත්ත එළිකර ඇඟ බේරාගත යුතු බවයි නාවික හමුදාවේ අය කියන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල එළි කළේ තමාට ලැබුණු තොරතුරු මත පදනම් වූ කතාවකි.  


 වීරවංශ අර 11 දෙනා ත්‍රස්ත්‍ යෝ කිව්වට ඒ අය බේරගන්න එදා මැදිහත් වූ හිටපු අැමැති ෆීලික්ස් පෙරේරා කියන්නේ වීරවංශගේ කතාව අමූලික බොරුවක් බවයි.’ විජයදාස රාජපක්ෂ කීවේ තමා ෆීලික්ස්ගේ ප්‍රකාශය නාළිකාවක දුටු බව ප්‍රකාශ කරමිනි.  


‘සංචාරක රාජ්‍ය ඇමැති අරුන්දික රූපවාහිනී නාළිකාවකට ඇවිත් ආණ්ඩුව වැනසුවා. අගමැතිකමින් ඔබතුමා අයින් කර මහින්දට අගමැතිකම දෙන්න ඕනෑ කියලත් ඔහු කිව්වා.  


 ජනපතිවරණයේ හා මහ මැතිවරණයේ ජනවරම සමහරුන්ට අමතකයි. අනුන්ගේ ගෙවල්වල ලැඟගෙන ඒ ගෙදර මිනිසුන්ටම ගේම් දෙන්න එනවා.‘ රන්ජන් රාමනායක කීවේය.  


‘එයා ඇතුළු තව කී දෙනකු එජාපයට එන්න අගමැතිතුමාට කොච්චර පණිවිඩ එවා තිබෙනවද? එහෙම මිනිස්සුයි, අද මේ දඟලන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැති ​ෙදස බලාය.  


 අගමැතිවරයා නළල රැළිගන්වා සිනාසුනා මිසක කිසිවක් කීවේ නැත.  


‘මා අගමැතිකමින් අයින් කරන්නේ කවදද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් හොයා මට කියන්න. මොකද ජනාධිපතිතුමයි, මමයි දෙන්නම නොදන්න දෙයක් ඒක.’ අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.  


‘ජනාධිපතිතුමා දෙසැම්බර් 31 දක්වා කල්ගත්තේ ඇයි? හොර නඩයට ගේම දෙන්නද, එජාපයට ගේම දෙන්නදැයි මිනිස්සු අපෙන් අහනවා.’ දයා ගමගේ කීවේය.  


‘හොර නඩය කොටු වුණත් එජාපය කොටු කරන්න බැහැ. විජයදාස රාජපක්ෂ කීවේය.  


‘මහින්ද ආණ්ඩුවට එවපු ඔත්තුකාරයන් කියන දේ කරන්න ගිහින් ජනාධිපතිතුමා හිරවෙන බව එතුමා දන්නවා.’ වජිර අබේවර්ධනගේ අදහස එය විය.  


 ‘වීරවංශගේ පක්ෂය ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වෙනවා කියා නාට්‍යයක් රඟපෑවා. එදා උපවාස කළා. මෙවර එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු ලංකාවට ආපු වෙලාවේ මේ රඟපෑම කළා. රඟපෑම් දෙකම අසාර්ථකයි.’ පී. හැරිසන් කීය.  


‘වීරවංශගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පිළිගත්ත පක්ෂයක් නොවෙයි. ව්‍යවස්ථා සභාවේ 225 ම ඉන්නවා. ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුවෙන්ම ඉවත් විය යුතුයි. ඊළඟට පාර්ලිමේන්තු එන්නෙත් සන්ධානයේම පිරිසක් නිසා ගැටලුවක් නැහැ.’ අගමැති කීය.  
‘ප්‍රජාතන්ත්‍රවාදීව උතුරු මැද පළාත් සභාපතිට විරුද්ධව විශ්වාසභංගය ගෙනාවාම ඒකට මුහුණ දෙන්න බැරුව මහින්ද නඩය සෙංකෝලය දෙකට කඩා හංඟලා. ඒකේ කෑලි පූට්ටු කර සභාව රැස් කර නව සභාපති පත් කළා.  


 බලය ගිලිහෙන විට ත්‍රස්ත්‍ වැඩ කර ඇඟ බේරගන්නයි මහින්ද නඩය දඟලන්නේ.’ පී. හැරිසන් කීය.  


‘ආණ්ඩුවෙන් ශ්‍රීලනිප අය ගියොත් පිටින් 11 ක් ගන්න පුළුවන් බව ජනාධිපතිතුමා කියා තිබුණා. ඔබතුමාගේ සංඛ්‍යාවත් 11 ද? විජයදාස රාජපක්ෂ ඇසුවේය.  


 ‘සංඛ්‍යා ගැන මා කියන්න යන්නේ නැහැ. එහෙත් එන්න හදන අය සිරිකොතෙයි, ඩාර්ලි පාරෙයි පදිංචි වේවි කියලයි මට හිතෙන්නේ.’ අගමැති කීවේය.  


 

කතානායක  


මාධ්‍ය මර්දනය කිරීමට අවශ්‍ය නම් තොරතුරු දැන ගැනීමේ පනත වැනි නීති සක්‍රිය කිරීමට කිසිවකු කටයුතු නොකරනු ඇති බවත්, ඒ අනුව ජනමාධ්‍ය මර්දනයක් පිළිබඳව කිසිවකු අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවත් කථානායකවරයා අවධාරණය කළේ ගෙවුණු සති අන්තයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආවරණය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් උදෙසා කළුතරදී පැවැති දෙදින වැඩමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.  


වැඩමුළුවේ පළමු දින දේශනය අවසන් වූ පසුව මාධ්‍යවේදීන් සමග සුහදව කතා බහේ යෙදෙමින් හෝරා කිහිපයක්ම ගත කළ කථානායකවරයා රාත්‍රී ආහාරයද ගත්තේ ඔවුන් සමගය. මෙහිදී කථානායකවරයා ඉල්ලා සිටියේ කොපමණ විවේචන තිබුණත් තවමත් ඉතා හරවත් සංවාද පාර්ලිමේන්තුවේ ඇති වන බවත් මාධ්‍ය මගින් ඒවා ජනතාව වෙත ගෙන යන ලෙසත්ය.  කොළඹ ආනන්දයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාවට සමගාමීව සංවිධානය කෙරුණු පා ගමනට ආදී සහ වර්තමාන ආනන්දීයෝ අතිවිශාල පිරිසක් එක්වූහ. විවිධ ක්ෂේත්‍රවල බිහිවූ ප්‍රවීණයන් රැසක් සමග එහි පෙරමුණ ගත්තේ කීර්තිමත් ආදි ආනන්දියකු වූ කථානායක කරු ජයසූරිය මහතාය. අනතුරුව ක්‍රීඩාවෙහි මෙන්ම දේශපාලනයෙහිද ආනන්ද අනන්‍යතාව ඉහළින්ම සටහන් කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ද ඊට එක්විය.  


 මේ අතර තමන්ට විහේෂ ලිපියක් භාර දීමට අවශ්‍යව ඇති බැවින් කථානායකවරයා මුණ ගැසීමට අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංහ මහතා කර තිබූ ඉල්ලීම අනුව බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී විමල් වීරවංශ. ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීවරු කථානායකවරයා හමුවූහ.  


 එය ඉතා සුහද සාකච්ඡාවක් වූ අතර කොළඹ නගරාධිපති ලෙස තමා සිටින අවදියේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස විමල් වීරවංශ මහතා සැමවිට සහයෝගයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කළ කථානායකවරයා සඳහන් ක​ෙළ් ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කිසිදු ලියවිල්ලක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව නොමැති පසුබිමක් තුළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වෙන් වීමට ඉක්මන් නොවන්නේ නම් වඩාත් යෝග්‍ය බවයි. නමුත් තම තීරණයට හේතු වූ කරුණු සැකෙවින් විස්තර කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුයේ මේ තීරණය සඳහා මහා නාහිමිවරුන්ගේ ද අදහස් බල පෑ බවයි.  


කථානායකවරයා සාකච්ඡාව අවසන් කරමින් ඉතා හැඟීම්බරව කීවේ ‘ ඔබතුමන්ලා විශ්වාස කරන්න. මේ රටට ආදරය කරන, මේ පොළොවෙම මිහිදන් වෙන මිනිස්සු හැටියට අපි මොනම හේතුවක් නිසාවත් අපේ පැත්තෙන් රටට හානි දායක දෙයක් වෙන්න ඉඩ තබන්නේ නැහැ.’ යනුවෙනි.  


 

40 වැනි සැමරුමට උදා ගම්මාන 40 ක්

එක්සත් ජාතික පක්ෂය වසර 1977 දී ලැබූ සුවිශේෂ ජයග්‍රහණයට හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්​ෙතන් පැවැත්වෙන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව සාකච්ඡා කිරීමට අඟහරුවාදා රාත්‍රියේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ දී පැවැත්විණි. 

 

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඊට අදාළ සිය මෙහෙයුම පිළිබඳ කරුණු දක්වමින් සජිත් ‘අපි ඇඟට පතට දැනෙන වැඩක් කරන්නයි සූදානම් වෙන්නේ. අපි මේ සංවත්සරය නිමිත්තෙන්ම අලුත් උදා ගම්මාන 40 ක වැඩ ආරම්භ කරනවා. දින වකවානු ඇතිව ඒවා ජනතා අයිතියට පත්කරනවා. ඔබතුමාගේ ආශිර්වාදය විතරයි ඕනෑ.’ කියා කියද්දී අගමැතිවරයා කීවේ ‘නියමයි වැඩේ’ කියාය.  


 

ඇමැති අකිල මහ නාහිමිවරුන් බැහැ දකියි  

 

රංගිරි දඹුලු විහාරය කේන්ද්‍ර කොට ගෙන ඉකුත් දිනවල රජයත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයත් අතර මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු විෂය භාර අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කළේ අස්ගිරි මල්වතු පාර්ශ්ව මහා නායක හිමහිවරුන් බැහැ දැක මේ ගැන සාකච්ඡා කරන්නටය.

ඒ අනුව ගිය සඳුදා උන්වහන්සේලා බැහැ දැකීමට අමාත්‍යවරයා මහනුවරට ගිය අතර සාකච්ඡාඩ වූ කිසිවක් මාධ්‍යයට අනාවරණය නොවූයේ එම සාකච්ඡා අාවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදුන් නිසාය. කෙසේ වෙතත් ලැබෙන තොරතුරුවලට අනුව එහිදී දඹුලු විහාර ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කෙරී ඇති අතර එහිදී අකිල එම අර්බුදය සඳහා බලපෑ කරුණු කාරණා පිළිබඳ තොරතුරු ලිඛිතව සහ ඡායාරූප සහිතව මහානායක හිමිවරුන් වෙත ලබාදී තිබේ. තවද දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු පිළිබඳව මෙන්ම විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ පිළිබඳවත් ඇමැති අකිල විසින් මහනායක හිමිවරුන් දැනුවත් කරනු ලැබ ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පැවැසීමෙන් පසුව ඊට මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය හිමි වී ඇතැයි වාර්තා වෙයි.   


මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වැනි ජාත්‍යන්තර සමුළුවේ මෙහෙයුම් කමිටු සභාපතිධුරය ඇමැති අකිලට හිමි වී ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මේ සමුළුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දිනෙක අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණේ අකිලගේ ප්‍රධානත්වයෙනි. එහිදී හෙළිවූ තොරතුරු වලට අනුව ථෙරවාද, මහායාන, සෙන්, තන්ත්‍රයාන, වප්‍රයන ආදි විවිධ නිකායන්ට අයත් බෞද්ධ භික්ෂුන් දහසක් පමණ මේ සමුළුවට සහභාගිවීමට නියමිතය.