සෞදියේ අල් කොබර්හිදී නිදහසේ 70 වැනි සැමරුම දා


 

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සර සමරුම වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසඳය මගින් සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උත්සවයක් පසුගිය සිකුරාදා (2) දින තානාපති ජංගම සේවාවට සමගාමීව අල් කොබාර් ගෝලඩන් ටියුලිප් හෝටල් පරිසරයේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ සහභාගිත්වයෙනි.   


විශේෂ දේශනය තානාපතිතුමන් විසින් පැවැත්වූ අතර, තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප‍්‍රධාන නිලධාරි ඉන්දික තිලකරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක් මෙම අවස්ථාට සහභාගි වූ අතර, සංසඳයේ කාර්ය මණ්ඩලය විසින් පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් හට සම්ප‍්‍රදායික ශ්‍රී ලාංකික උදේ ආහාර (කිරිබත්, කැවුම්, කොකිස්, මුං අතිරස) ආදියෙන් සංග‍්‍රහ කිරීම දැක ගත හැකි විය.   

 

 


ලලිත් ප්‍රේමලාල් ​
සෞදිඅරාබිය.