සදහම් සෙවනේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාවක්


 
ලිමසෝල් සදහම් සෙවන සයිප්‍රසයේ ලිමසෝල් නගරය හා ඒ අවට පිහිටි ප්‍ර​දේශවල සේවයෙහි නියුතු අප ශ්‍රී ලාංකික ජනතාවගේ ආගමික කටයුතු සිදු කරන ප්‍රධාන පුණ්‍ය ආයතනයයි. සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරයට අනුබද්ධව පවත්වාගෙන යන මෙම සදහම් සෙවණෙහි වස්කාලය අරබයා විශේෂ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාවක් මේ දිනවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 
 
සෑම බ්‍රහස්පතින්දා දිනයකම සවස් කාලයෙහි එය සිදු කෙරෙන බව සදහම් සෙවන බෞද්ධ කමිටුව දැනුම් දෙයි. ඒ සඳහා දේශකයාණන් වහන්සේ වන්නේ මෙම වස් තුන්මාසය පුරා සයිප්‍රසයේ වස් වසා වැඩහිඳින නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති රන්මුතුගල මහා විහාරවාසී අමුණුපුරේ ශීලවංශ ගරු ස්වාමීන් වහන්සේයි. පිං කැමති ඇත්තෝ පැමිණෙත්වා  
 
 
දෙදහස් පන්සිය වසරක් ගාවා  
පිවිතුරු දහමින් ලොව බැබලූවා  
ඉපැදුන උපදින ගණනින් බොහොවා  
සම්බුදු සසුනේ පිහිට ලැබේවා  
 
වෙන් වී දුරු කතරෙහි තනි වූවා  
මුදලට සරිලන මෙහෙවර පෑවා  
යුතුකම් ගුණදම් සිත් තුළ නහවා  
සදහම් සෙවනේ පිහිට ලැබූවා  
 
 
 
විමලා යාපා  
නිකෝසියා, සයිප්‍රස්