ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උළෙල පැරීසියේදී සැමරූ අයුරු


 

ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2020 පෙබරවාරි 04 වැනිදාට වසර 72කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී පෙබරවාරී 04 වැනි අඟහරුවාදා උදේ 10 ට පැවැත්වූයේය. එදින ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම්හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී සමාජශීලී සංවිධාන වල නිලධාරීන්, ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර නිදහස් උත්සවයක් පැවැත්වුණි. 


ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ලාබුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි ඇතුළු එම විහාරවාසී ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලද බෞද්ධාගමික වතාවත් වලින් පසු අනෙකුත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආගම්හී ජූජා මෙහෙයන් එම පූජ්‍ය පක්ෂය විසින් ගෞරවනීය ලෙස සිදු කළෝය. 


ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, ජාතික ගී හඬ මැද ඇරඹුණු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, විදේශ ඇමතිතුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂා වලින් සභාවට දැන්වීය. 


උත්සව සභාවෙන් පසු සහභාගීවූ සියළුම පූජ්‍ය පක්ෂයන් සඳහා දානමය කටයුතු සිදුකළ අතර අනතුරුව පැමිණසිටි ආරාධිතයන්ට දිවා භෝජන සංග්‍රහයක්ද සූදාානම් කර තිබුණේය. 

 

 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට