ඩුබායි හි ශ්‍රී ලාංකික නිදහස් උළෙල මෙවරත් අභිමානවත් අයුරින්


 

2019 පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන 71 වැනි නිදහස් සමරු උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් කටයුතු සංවිධානය කොට ඇත.
සියලු දෙනාට විවේක ඇති පෙබරවාරි 8 වැනි සිකුරාදා ශෙයික් ලතීෆා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් පරිපූර්ණව ඩුබායි හි වෙසෙන දරු දැරියන්ගේ නැටුම් ගැයුම් වැයුමින් සමලංකෘතව මෙම නිදහස් උත්සවය පැවැත්වෙන බැවින් එයට සහභාගි වෙන ලෙස ඩුබායි හි ශ්‍රී ලාංකිකයන්ට උත්සව කමිටුව සාදරයෙන් ආරාධනා කෙරේ.

 


සුරංගි අතුකෝරල
සාජා සිට