අවුරුදු පැතුම


යට ගිය අතීතය නොම එ්වා උඩට 
අත, හිත, බැදී සැම එක්වේවා එකට 
නව අවුරුද්දෙ අදිටන් කරගෙන හොඳට 
අපි පිය නගමු ජය ගන්නට රට පෙරට 
 
මුවින් මුවට සිනහවෙ මල් පිපීයන් 
ගෙයින් ​ෙගයට සමගියෙ අත් බැඳීයන් 
අමිනිස්, මිනිස් වී, සැනසුම රැඳීයන් 
සාමය සතුට නව වසරේ පිරීයන් 
 
අත, සිත, බැඳුන සැම දන මුව සිනාවේ 
තුන් සිංහලය එක්වී සැන සුනාවේ 
සමගිය සමාදානය හිමි උනාවේ 
සැකබිය දුරුවෙලා හෙට හිරු උදාවේ 
 
කුමටද, ජාති කුළ, මළ ආගම් බේද 
කවුරුත්, එකයි මිනිසත් කම එක නේද 
සියළුම දෙනා ලක් මෑණිගෙ දරු නේද 
රට එක්සත් කරමු සුහදව බැදි හාද 
දමාමි කවාරියේ සිට 
ගාල්​ෙල් සිරිල් කපුගේ